අද (6) දිවයිනට ලඟාවීමට තිබූ ගෑස් නෞකාව තවත් දින තුනක් පමණ ප්‍රමාදවන බව ලිට්‍රෝ සමාගම පවසයි.
මෙට්‍රික් ටොන් 3,700 අඩංගු ගෑස් නෞකාවක් අද පැමිණීමට නියමිතව තිබුණි.
අදාළ නෞකාව සෙනසුරාදා (9) වැනිදා මෙරටට ලඟාවනු ඇති බව එම සමාගම පවසයි.
එමෙන්ම ගෑස් අඩංගු තවත් නෞකා දෙකක් ලබන 11 හා 16 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.