නවතම පුවත්

බ්‍රිතාන්‍යයේ දේශපාලන අර්බුදය උත්සන්න වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මේ වනවිට දැඩි නායකත්ව අර්බුදයකට මුහුණ දෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, අග්‍රාමාත්‍ය ජොන්සන්ගේ නායකත්වයට එරෙහිව පාලක කන්සර්වේටිව් පක්ෂයෙන් මෙන්ම කැබිනට් මණ්ඩලයෙන් ද එල්ල වෙමින් ඇති දැඩි විරෝධය හමුවේයි.

කලක පටන් පැවැති එම විරෝධතා මේවනවිට උත්සන්න වී ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු අග්‍රාමාත්‍යවරයාට විරෝධය පා සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වී තිබෙනවා. එලෙස ඉල්ලා අස්වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රිෂි සුනක් සහ සෞඛ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ සජිඩ් ජාවිඩ්. විනාඩි 10 ක කාලය තුලදී ඔවුන් දෙදෙනා එලෙස තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මේවනවිටත් නව මුදල් අමාත්‍යවරයෙකු මෙන්ම සෞඛ්‍ය ලේකම්වරයෙකු ද පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම කැබිනට් සංශෝධනයක් සමඟින් තම රජය ශක්තිමත් කර ඉදිරියට ගමන් කිරීම තම සැලසුම බව ද අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා තිබෙනවා.

කෙසේවෙතත් බොරිස් ජොන්සන්ගේ පාලනය යටතේ පාලක කන්සර්වේටිව් පක්ෂය දූෂිත වී ඇති බවයි බ්‍රිතාන්‍යය විපක්ෂයේ පක්ෂ නායකයින් පවසන්නේ. ඒ හමුවේ කැබිනට් අමාත්‍යධූරවලින් ඉවත්ව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නැගී සිටින ලෙස ද විපක්ෂ කණ්ඩායම් කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පවතින දේශපාලන අර්බුදය හමුවේ මැතිවරණයකට වුවද මුහුණදීමට සිය පක්ෂය සූදානම් බවයි බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායක ශ්‍රීමත් කී ස්ටාමර් පවසා ඇත්තේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී