නවතම පුවත්

“ශ්‍රී ලංකාවේ මානුෂීය ව්‍යසනයක් වෙන්න කලින් දැන්ම ක්‍රියා කළයුතුයි” – WFP ජාත්‍යන්තරයට කියයි

අසංක

අසංක

ශ්‍රී ලංකාව තුළ ආහාර හා පෝෂණ තත්වයේ කඩාවැටීම හමුවේ මානුෂීය ව්‍යසනයක් වීමට පෙර අපි මේ දැන්ම ක්‍රියා කළ යුතු බව ලෝක ආහාර වැඩසටහනේ ( WFP) ප්‍රධානී ඩේවිඩ් බීස්ලි අනතුරු අඟවා ති‍බේ.

ශ්‍රී ලාංකිකයන්ගෙන් මිලියන 6.26 කට නොඑසේ නම් නිවාස 10කින් 3කටවත් ඔවුන්ගේ මීළඟ ආහාර වේල සපයාගන්නේ කෙසේද යන්න පිළිබඳව අවිනිශ්චිත බව ලෝක ආහාර වැඩසටහන අද හෙළිකළේය.

ලෝකයේ ආහාර අනාරක්ෂිතතාව පිළිබඳ ව තක්සේරු කරමින් ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් අද නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි.

වාර්තාගත ආහාර මිල උද්ධමනය, අහස උසට නැඟෙන ඉන්ධන මිල සහ සීඝ්‍රයෙන් පැතිරෙන භාණ්ඩ හිඟය හමුවේ මෙම තත්ත්වය මතුව ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මිල ගණන් හමුවේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් කරා ළඟා විය නොහැකි බැවින්, නිවාසවලින් 61%ක් පමණ තමන් ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීම සහ වඩ වඩාත් අඩු පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය වැනි වියදම් කපා හැරීමේ සටනක නිරත බව ද එහි සඳහන් ය.

ඇස්තමේන්තුවට අනුව පවුල් 200,000 කට මධ්‍යම හා දිගු කාලීන ප්‍රමාණවත් ආදායමක් ලබා ගැනීමේ අවස්ථා අඩුවී ඇති අතර එක්සත් ජාතීන්ගේ ආහාර සහන ඒජන්සිය අපේක්ෂා කරන්නේ අර්බුදය ගැඹුරු වන විට ඊටත් වඩා වැඩි පිරිසක් ආහාර අඩුකිරීමේ ක්‍රියාමාර්ග සඳහා යොමු වනු ඇති බවයි.

ආහාර අර්බුදයට සහ මන්දපෝෂණයට එහි බලපෑමට එරෙහිව සටන් කිරීම සඳහා, ලෝක ආහාර වැඩසටහන විසින් ප්‍රාදේශීය සභා මගින් සපයනු ලබන ගර්භනී මවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සමඟින් දරිද්‍රතාවයෙන් පීඩනයට ලක්ව ඇති පවුල්වල ගර්භනී කාන්තාවන් සඳහා ඩොලර් 40 ක් වටිනා මාසික ආහාර වවුචර බෙදා හරිනු ලැබේ.

එම වාර්තාවට අනුව වඩාත්ම ආහාර අනාරක්ෂිතව පවතින විශාල තේ වතු වැනි – ගොවි වතු අංශයේ වැඩ කරන ජනතාවගෙන් අඩකට පමණ ආහාර සුරක්ෂිතතා තත්ත්වය නරකම මට්ටමක පවතී.

මෙම තත්ත්වයට පිළියම් යෙදීම සඳහා, පසුගිය මාසයේ WFP විසින් වඩාත් අවදානමට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයින් මිලියන තුනකට ආධාර කිරීම සඳහා ආහාර සහ පෝෂණය සඳහා ඩොලර් මිලියන 60 ක හදිසි ආයාචනයක් දියත් කරන ලදී.

අද වන විට, ඒ සතුව පවතින වවුචර 2,375 ක පළමු කාණ්ඩයෙන් සියයට 88 ක් ලබා දී ඇති අතර දෙසැම්බර් මාසය දක්වා මිලියන තුනක ජනතාවකට හදිසි ආහාර, පෝෂණය සහ පාසල් සඳහා ආහාර ලබා ගැනීමට යොදාගැනීමට ඉලක්ක කර ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?