නවතම පුවත්

ජනපතිගේ ඇමෙරිකානු වීසා ඉල්ලුම්පත ප්‍රතික්‍ෂේපයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලුම් කරනු ලැබූ අමෙරිකානු වීසා ඉල්ලුම් පත්‍රය අමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට ඉන්දියාවේ “ද හින්දු” වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

2019 වර්ෂයේදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සඳහා ව්‍යවස්ථාවෙන් බාධාවක් වී තිබීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමට කටයුතු කරනු ලැබුවා.

පවතින ආර්ථික අර්බුදය සහ ඉන්ධන අර්බුදය හමුවේ ඇතිවූ මහජන විරෝධය හමුවේ නියමිත කාල සීමාවට පෙර ජනාධිපති ධුරයෙන් ඉවත්ව යාමට තීරණය කරනු ලැබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාව බලා යෑම වෙනුවෙන් වීසා අයදුම් කර ඇති බවයි ද හින්දු වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ.

කොළඹ සිටින නිලධාරියෙකු උපුටා දක්වමින් “ද හින්දු” වෙබ් අඩවිය වාර්තා කර සිටියේ ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවට පැමිණීම සඳහා සිදුකරනු ලැබූ වීසා ඉල්ලුම මෙලෙස අමෙරිකානු බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කර ගැනීමට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය හරහා උත්සහ කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකර නොමැති බවද “ද හින්දු” වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

මේ අතර ඊයේ දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනෙන් බැහැරව යාමට දරනු ලැබූ උත්සාහය ද ව්‍යර්ථ වූ බවට ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි