නවතම පුවත්

රජයෙන් ‘පාසල් සේවා’ බස් රථ ලබන 01 දා සිට ඇරඹේ

අසංක

අසංක

පාසල් සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ‘පාසල් සේවාව’ නමින් නව පෞද්ගලික බස් රථ සේවාවක් ලබන මස 01 වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අගෝස්තු 01 දා සිට ගුරු සිසු දෙපිරිසටම මුදල් ගෙවා අපහසුවකින් තොරව මෙම ප්‍රවාහන සේවය සලසාගත හැකි ය.

පාසල් දරුවන්ට අපහසුවකින් තොරව පාසල් පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් විධිමත්ව සැපයීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද දින (26) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

බස් රථ නාම පුවරුවල අදාළ පාසල් නාමයන් සඳහන් කරමින් දෛනික ගමන්වාර දෙකක් වශයෙන් මෙම බස් රථ ධාවනයට යෙදවේ.

පෞද්ගලික බස්රථ ධාවකයන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මෙම බස් රථ ලබා දීමට එකඟ වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙහි දී පාසල් වෑන් හා බස් රථ සඳහා ආසන්නම ඩිපෝ මගින් අවහිරයකින් තොරව නියමිත ක්‍රමවේදයකට අනුව ඉන්ධන ලබා දීමටත් ඊට අවශ්‍ය පහසුකම් සැපයීමටත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගමනාගමන මණ්ඩලය එකඟතාව පළ කර ඇත.

සතියට දින දෙකක් (බදාදා සහ සෙනසුරාදා) ඩිපෝ මගින් අවශ්‍ය ප්‍රමාණයට නිසි කළමනාකරණයක් යටතේ ඉන්ධන නිකුත් කෙරේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි