නවතම පුවත්

ඉන්දීය ජනතාවගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 22ක් වටිනා මානුෂීය ආධාර!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඉන්දීය ජනතාව විසින් පරිත්‍යාග කරන ලද ශ්‍රී ලංකා රුපියල් බිලියන 3.4ක් පමණ වටිනා මානුෂීය ආධාර තොගයක් 2022 ජූලි 26 වන දින කොළඹ දී විදේශ අමාත්‍ය අලි සබ්‍රි සහ සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ට භාර දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමාන් සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්තිල් තොණ්ඩමාන් යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සහල් මෙට්‍රික් ටොන් 16,594ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 200ක් සහ ඖෂධ මෙට්‍රික් ටොන් 38ක් පමණ ඇතුළත් මෙම මානුෂීය ආධාර තොගය තමිල්නාඩු රජය විසින් පරිත්‍යාග කරන ලදී. මෙය තමිල්නාඩු රජය විසින් පරිත්‍යාග කරන ලද තෙවන මානුෂීය ආධාර තොගය වේ. තමිල්නාඩු රජය විසින් සමස්තයක් වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 40,000ක්, කිරි පිටි මෙට්‍රික් ටොන් 500ක් සහ ඖෂධ මෙට්‍රික් ටොන් 100කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇති අතර එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 22කට අධිකය. ප්‍රති ජලභීතිකා එන්නත් මාත්‍රා 25,000ක් වැනි අත්‍යාවශ්‍ය ඖෂධ ද මෙම තොගයට ඇතුළත් වේ.

මෙම ආධාර ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිලාභීන් අතර බෙදා දෙන අතර 2022 ජූලි 26 වන දින භාර දුන් මානුෂීය ආධාර තොගය ද ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රතිලාභීන් වෙත ළඟා වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දීය රජය ගන්නා ප්‍රයත්නයන්ට ශක්තියක් වෙමින් ඉන්දීය ජනතාව ශ්‍රී ලාංකික ජනතාව සමඟ රැඳී සිටියි. මෙම වසරේදී ඉන්දීය රජය විසින් ලබා දී ඇති ඇමරිකානු ඩොලර් බිලියන 3.8කට වැඩි විවිධාකාර සහයෝගය විවිධ රෝහල්, ශ්‍රී ලංකාවේ ඉන්දීය ප්‍රජා සංවිධාන සහ ඉන්දියාවේ විවිධ ආයතන විසින් ස්වාධීනව ශ්‍රී ලාංකික සහෝදර ජනතාව වෙනුවෙන් සිදු කරන නිර්ලෝභී පරිත්‍යාගයන් මගින් තවත් සවිමත් වී ඇත.ඉන්දීය ජනතාව සහ රජය මෙම අරමුණ වෙනුවෙන් පෙරට පැමිණීම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින ශක්තිමත් බැඳීම සහ එකිනෙකා⁣ වෙනුවෙන් දක්වන අවධානය සහ සැලකිල්ල පිළිඹිබු කරයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි