නවතම පුවත්

පැතුම් කර්නර් අත්අඩංගුවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් නැමැත්තා අද අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ඔහු ඉකුත් 18 වෙනි දින කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි.

පැතුම් කරනර් නැමැත්තා බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ තැන තැන රැඳී සිටිමින් ජනතාවට එම ස්ථානයට පැමිනෙන ලෙස විවිධ ක්‍රම ඔස්සේ දැනුම් දෙමින් එහි සිටි පිරිස සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යොදා තිබූ මාර්ග බාධක බිඳ හෙළීමට මෙහෙයවමින් කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.

එහිදී විරෝධතාකරුවන් පාලනය කිරීමට උත්සාහ දැරූ ආරක්ෂක හමුදා කණ්ඩායම් අතර සිටි යුධ හමුදා සෙබලූන් දෙදෙනකුට පහරදී ඔවුන් සතුව තිබූ ටී 56 ගිනි අවි සහ ජීව උණ්ඩ අඩංගු මැගසින් ද අරගලකරුවන් පැහැරගෙන ගොස් තිබිණි

මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි බව කියන පැතුම් කර්නර් නැමැත්තාට එරෙහිව අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ද ඉකුත්(17) ලබාගත් බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්