නවතම පුවත්

ලංකාවට එන නැව ගැන , චීනයෙන් ඉන්දියාවට සැර පිළිතුරක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිය නීත්‍යානුකූල නාවික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පිටස්තර පාර්ශව මැදිහත්වීම් සිදුනොකරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසනවා.

හම්බන්තොට වරායට ලගාවීමට නියමිත චීන නෞකාවක් සම්බන්ධයෙන් ඉන්දියාව අදහස් දැක්වීමට ප්‍රතිචාර වශයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යංශය මෙම අදහස් පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව චීනය පවසන්නේ අදාළ පාර්ශවයන් චීනයේ සාගර විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාකාරකම් නිවැරදිව නරඹා වාර්තා කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බවයි. එමෙන්ම චීනය සෑම විටම සාගරයේ නිදහස නීත්‍යානුකූලව භාවිතා කර ඇති බව ද චීන විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබෙනවා.

මතභේදයට තුඩුදී ඇති අදාළ චීන නෞකාව ලබන 11 වනදා හම්බන්තොට වරායට ලගාවීමට නියමිත බවයි වාර්තා වන්නේ. එම නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බව ඉන්දියාව ප්‍රකාශ කර තිබුණා.

මතභේදයට තුඩුදී ඇති අදාළ නෞකාව චීනයට අයත් යුවාන් වැන්ග් 5 නම් නෞකාවක්. එය ඉකුත් 13 වනදා චීනයේ ජියැන්යින් වරායෙන් පිටත්ව ඇති අතර මේවනවිට තායිවානය ද පසුකර නැගෙනහිර චීන මුහුදේ යාත්‍රා කරමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?