නවතම පුවත්

ආහාර ආනයන වියදම අඩුවෙයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සමස්ත ආනයන : වෙළඳ භාණ්ඩ ආනයන වියදම, 2021 වසරේ ජුනි මාසයේ පැවති එ.ජ. ඩොලර් මිලියන 1,659ට සාපේක්ෂව 2022 වසරේ ජුනි මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 1,226ක් දක්වා සියයට 26.1කින් සැලකිය යුතු ලෙස පහළ ගියේය. හදිසි නොවන ආනයන සීමා කිරීමේ නියාමන ක්‍රියාමාර්ග, විදේශ විනිමය ද්‍රවශීලතා හිඟය, විනිමය අනුපාතිකය අවප්‍රමාණය යනාදිය හේතුවෙන් ආනයන වියදමෙහි පුළුල් පහළ යෑමක් දක්නට ලැබුණු අතර, අධික ඉන්ධන වියදම මගින් මෙම ආනයන වියදමේ පහල යෑම බොහෝ දුරට නිෂ්ඵල කළේය. මේ අතර, 2022 වසරේ ජනවාරී මාසයේ සිට ජුනි මාසය දක්වා කාලපරිච්ඡේදය තුළ සමුච්චිත පදනම මත ආනයන වියදම එ.ජ ඩොලර් මිලියන 10,028ක් ලෙස වාර්තා වූ අතර, එය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 0.1ක සුළු ඉහළ යෑමකි.

පාරිභෝගික භාණ්ඩ : පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 2021 වසරේ ජුනි මාසයට සාපේක්ෂව, 2022 වසරේ ජුනි මාසයේ දී සියයට 53.8කින් සැලකිය යුතු ලෙස පහළ ගිය අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් ආහාර හා පාන වර්ග ආනයන වියදම සියයට 46.1කින් සහ ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම සියයට 59.7කින් අඩු වීම හේතු විය‍. ආහාර හා පාන වර්ගවල ආනයන වියදම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ යෑම සඳහා කිරි ආශ්‍රිත නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන්, කිරිපිටි), තෙල් සහ මේද වර්ග (ප්‍රධාන වශයෙන්, පොල්තෙල්), එළවළු (ප්‍රධාන වශයෙන්, ලොකු ළූණු , මයිසූර් පරිප්පු සහ සුදුළූණූ), සහ සීනී, බොහෝදුරට හේතු විය. කෙසේ වෙතත්, ධාන්‍ය සහ ඇඹරුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන් සහල්) ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, පාන වර්ග (ප්‍රධාන වශයෙන්, වයින් සහ බියර් හැර අනෙකුත් මධ්‍යසාර පාන වර්ග) සහ කුළුබඩු (ප්‍රධාන වශයෙන්, මිරිස්) ආනයන වියදම ද 2021 වසරේ ජුනි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජුනි මාසයේදී ඉහළ ගියේය. ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම සමස්තයක් ලෙස පහල ගිය නමුත් බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදිත (ප්‍රධාන වහයෙන්, ඖෂධ), විදුලි සංදේශ උපාංග (ප්‍රධාන වශයෙන්, ජංගම දුරකථන) සහ ගෘහ උපකරණ (ප්‍රධාන වශයෙන්, රූපවාහිනී) ආනයනය පහළ යෑම කැපී පෙනුණී. මේ අතර, රෙදිපිළි හා උපාංග ආනයන වියදමෙහි ඉහළ යෑමක් නිරීක්ෂණය විය.

අන්තර් භාණ්ඩ : කාර්මික සහ කෘෂිකාර්මික යෙදවුම් කාණ්ඩ බොහෝමයක ආනයන වියදම පහළ ගිය නමුත්, ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යෑම නිසා, 2022 වසරේ ජුනි මාසයේ අන්තර් භාණ්ඩ ආනයන වියදම වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව සියයට 2.8කින් පමණ පහළ ගියේය. විශාල වශයෙන් ආනයන වියදම පහළ යෑමක් වාර්තා කළ අතරමැදි භාණ්ඩ කාණ්ඩ අතර, මූල ලෝහ( ප්‍රධාන වශයෙන්, යකඩ සහ වානේ), ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන්, ප්‍රාථමික ස්වරූපයෙන් පවතින ප්ලාස්ටික්), තිරිඟු ඇට, සහ රසායනික නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන්, කාබන් සහ රසායනික ප්‍රතික්‍රියාකාරක) ඇතුළත් වේ. මෙම මාසය තුළ බොරතෙල් ආනයනය නොකළ ද, පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදිතවල පරිමාව සහ සාමාන්‍ය ආනයන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ඉන්ධන ආනයන වියදම, 2021 වසරේ ජුනි මාසයට සාපේක්ෂව මෙම මාසයේ දී එ.ජ ඩොලර් මිලියන 200ක අගයක් වාර්තා කරමින් සියයට 201.9 කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) ඉහළ ගියේය. තව ද, 2021 වසරේ ජුනි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජුනි මාසයේ දී දියමන්ති, අගනා ගල් වර්ග සහ ලෝහ වර්ග (මූලික වශයෙන්, කාර්මික කටයුතු සඳහා යොදා ගන්නා දියමන්ති) ආනයන වියදමෙහි ද ඉහළ යෑමක් වාර්තා විය.

ආයෝජන භාණ්ඩ : 2021 වසරේ ජුනි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජුනි මාසයේ දී ආයෝජන භාණ්ඩ ආනයන වියදම සියයට 46.3කින් පහළ ගිය අතර, ඒ සඳහා සියලු ආයෝජන භාණ්ඩ උප කාණ්ඩවල ආනයන වියදම පහළ යෑම හේතු විය. යන්ත්‍රසූත්‍ර හා උපකරණ, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ප්‍රවාහන උපකරණ යන ප්‍රධාන ආයෝජන භාණ්ඩ කාණ්ඩ යටතේ ලැයිස්තුගත කර ඇති සියලුම භාණ්ඩ වර්ගවල ආනයන වියදම පහත වැටීමක් වාර්තා කළේය. නමුත් ගුවන්යානා කොටස් සහ ඉලේක්ට්‍රොනික උපකරණ ආශ්‍රිත ආනයන වියදමෙහි යම් වැඩි වීමක් නිරීක්ෂණය විය.

අපනයන දර්ශකය : 2022 වසරේ ජුනි මාසයේ දී ආනයන වියදම පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආනයන පරිමාව හේතු වූ බව නිරූපණය කරමින් ආනයන පරිමා දර්ශකය සියයට 30.3කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) පහළ ගිය අතර, ආනයන ඒකක මිල දර්ශකය සියයට 6.1කින් ඉහළ ගියේය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී