නවතම පුවත්

ශ්‍රී ලංකාව , නොබැඳි පිළිවෙතකට වහා යොමුවිය යුතුයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය , මේ මොහොතේ නොබැඳි පිළිවෙතක් කරා යොමුවිය යුතු බව මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අවධාරණය කර සිටී .

මෙරට හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන නෞකාවක් සම්භන්ධව ඉන්දියාව හා චීනය අතර මතුව ඇති ගැටුම්කාරී තත්වය ගැන පැහැදිලිකරමින් මහානාමහේවා මහතා මේ බව සඳහන් කළේය .

චීනය හා ඉන්දියාව අතර වන බල අරගලයට , ශ්‍රී ලංකාව මේ මොහොතේ මැදිව සිටින බවත් , ඉන්ඇතිවන අහිතකර ප්‍රතිඵලවලින් ගැලවීමට , ශ්‍රී ලංකාවට ඇති එකම මග , මැදිහත්ව හා ස්වාධීන කටයුතු කිරීම බවත් , “Urban Citizens” සංවිධානය විසින් පැවැත්වූ විශේෂ මාර්ගගත සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය .

මේ මොහොතේ ශ්‍රී ලංකාව , කිසිදු පාර්ශවයකට විශේෂත්වයක් නොපෙන්විය යුතු බවත් , ඉතාමත් කල්පනාකාරීව හා උපක්‍රමශීලී ලෙස විදෙස් ප්‍රතිපත්තිය හැසිරවීමට ශ්‍රී ලංකා රජය කටයුතු කල යුතු බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකුද වන මහානාමහේවා මහතා පැවසීය .

මේ මොහොතේ ඉන්දියාවේ මෙන්ම චීනයේද සහයෝගය ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය බවත් , ඒ බව නිවැරදිව අවබෝධ කරගෙන මෙරට බලධාරීන් කටයුතු කල යුතු බවද ඒ මහතා පැවසීය.

වරින්වර , කලින් කලට වෙනස් වන විදෙස් ප්‍රතිපත්ති අනුගමනය කිරීම ශ්‍රී ලංකාව වැනි රටකට උචිත නොවන බවත් , නොබැඳි පිළිවෙත මුල් කරගත් , තිරසාර , ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියක් සැකසීමට රජය පියවර ගත යුතු බවත් මහාචාරයවරයා මෙහිදී පැවසීය .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි