නවතම පුවත්

ගෝඨාභය තායිලන්තයට

අසංක

අසංක

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පුරුවේ සිට අද තායිලන්තයට ගොස් තිබේ.

එරට දොන් මුඇන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද (11) ගොඩබැස ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්ත ගුවන්තොටුපළට පැමිණි මොහොතේ ඡායාරූප එම වාර්තාවල දැක්වේ.

හිටපු ජනාධිපතිවරයා තාවකාලිකව පමණක් එරට රැඳී සිටින බවත් ඔහු වෙනත් රටක ස්ථිර රැකවරණ සොයනු ඇති බව තායිලන්ත අගමැති ප්‍රයුත් චාන්-ඕ-චා බදාදා ප්‍රකාශ කර තිබුණි.

‘මෙය මානුෂීය ප්‍රශ්නයක් වන අතර එය තාවකාලික රැඳී සිටීමක් බවට එකඟතාවයක් ඇත’ එරට අගමැති ප්‍රයුත් චාන්-ඕචා ඊයේ වාර්තාකරුවන්ට පැවසීය.

තායිලන්තයේ සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු දේශපාලන කටයුත්තකට සහභාගී වීමට නොහැකි බව තායිලන්ත අගමැතිවරයා කීය..

හිටපු ජනපතිගේ තායිලන්ත සංචාරයට ශ්‍රී ලංකා රජය සහාය දුන් බව තායිලන්ත විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි ප්‍රකාශ කර තිබුණි.

හිටපු ජනාධිපතිවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ඔහුට තායිලනත්යේ දින 90 ක් රැඳී සිටීමට හැකියාව ලැබේ.

image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර