නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට, ඉන්දීය මාධ්‍යවේදීන්ගෙන් “තල්ලුවක්”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරම්භකර ඇති විදෙස් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහා වන විශේෂ ප්‍රවර්ධන වැඩසටහන (Visiting Journalists & Blogger Program) යටතේ, ඉහළ පෙළේ ඉන්දීය මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් සමන්විත, නියෝජිත කණ්ඩායමක් පසුගියදා මෙරටට පැමිණියහ .

ඉන්දු-ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් හා දෙරට අතර සංචාරක සබඳතා වැඩි වර්ධනය කිරීමේ අරමුණින් මෙසේ ඉන්දීය මාධ්‍යවේදීන් 08 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් මෙරටට ගෙන්වාගන්නා ලද බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි .

මෙම ඉන්දීය මාධ්‍ය නියෝජිතයින් ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, පූනේ, කොල්කටා, බැංගලෝර්, හයිද්‍රාබාද් ඇතුළු ප්‍රධාන ප්‍රාන්ත සහ නගර නියෝජනය කරමින් මෙරටට පැමිණ ඇති බවද වාර්තාවේ .

පසුගිය ජූලි මස 03 දින සිට 11 දක්වා දින 08ක කාලයක් මෙම ඉන්දීය මාධ්‍යවේදීන් පිරිස මෙරට රැඳී සිටි අතර මෙම මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන හරහා ළඟා වීමට අපේක්ෂා කරන මුළු ඉන්දියානු ප්‍රේක්ෂක පිරිස දළ වශයෙන් මිලියන 104 ක් වනු ඇති බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අනුමාන කරයි. විශේෂයෙන්ම විදේශීය සංචාරයන්හි නිරතවන ඉන්දියානුවන් බහුලවශයෙන් සිටින එරට ප්‍රාන්ත හා ප්‍රදේශ සියල්ලම ආවරණය වන පරිදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවද කාර්යාංශය සඳහන් කරයි .

මෙම වැඩසටහන යටතේ මෙරට සංචාරක ගමනාන්ත ගවේෂණය සඳහා සහභාගී වූ ඉන්දීය නියෝජිත පිරිස අතර, Lokmat දිනපතා පුවත් පත , Daily Sagar පුවත්පත , , India Blooms (indiablooms.com) පුවත් සේවය , මුම්බායි මැසෙන්ජර් , india Tribune , හා Daily Do baje Dopaha ඇතුළු ඉන්දියාවේ ජනප්‍රියතම හා ඉහලම මාධ්‍ය ආයතන හා සමාජ් මාධ්‍යයන්ට අයත් මාධ්‍යවේදීන් විය .

ආර්ථික පසුබෑම හේතුවෙන් ශ්‍රී ලංකාව ගැටළු කිහිපයකට මුහුණදෙමින් සිටින මෙවැනි අවස්ථාවකද මෙරටට පැමිණීමට ඉන්දියානු සංචාරකයින් ඉදිරිපත්වී සිටීම සතුටට කරුණකි . කෙසේ වෙතත් එම ඉන්දියානු සංචාරකයින්ට මෙරටට පැමිණීමට පෙර බොහෝවිට මෙරට වාතාවරණය ගැන සැබෑ හා යාවත්කාලීන තොරතුරු දැනගැනීමට කැමතිය . ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිනි මෙම ඉන්දීය මාධ්‍යවේදීන්, ශ්‍රී ලංකාව සම්භන්ධව නිර්මාණය කරන වැඩසටහන් , සකසන ලිපි , ආදිය මෙරට සංචාරාක කර්මාන්තයේ ප්‍රවර්ධනයට අතිශය වැදගත්ය .

ඉන්දියානු සංචාරකයින්ට ,ගැලපෙන ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස , හොඳම නිවාඩු නිකේතනය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට හේතු සිය ගණනක් ඇත. විනිමය අනුපාතයන්හි සිදුව ඇති වෙනස්කම් හේතුවෙන් , ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ඉන්දියානු සංචාරකයින්ට ඉතා ලාභදායී කටයුත්තක් වී ඇත . එසේම වඩාත් හුරුපුරුදු ආහාර රටා , කාලගුණ තත්වයන් හා සංස්කෘතික අංග සහිත , ඉතා කෙටි කාලයක් තුල ලඟාවිය හැකි සංචාරක ගමනාන්තයක් ලෙසද ශ්‍රී ලංකාව , ඉන්දියානු සංචාරකයින්ට වැදගත්ය , මේ කරුණු සියල්ල පිළිබඳව නිවැරදිව කරුණු ගෙන හැරදැක්වීමට මෙම ඉන්දීය මාධ්‍ය කණ්ඩායම සමත්වනු ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය බලාපොරොත්තුවේ.

පවුලේ සංචාර , මධුසමය සඳහා කෙරෙන සංචාර , ව්‍යාපාරික සංචාර සහ සති අන්ත කෙටි විවේක නිවාඩු , විවාහ උත්සව පැවැත්වීම සඳහා කෙරෙන සංචාර මෙන්ම ආගමික සංචාරයන්ටද මැනවින් ගැලපෙන ගමනාන්තයක් ලෙසට ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට මෙම ඉන්දීය මාධ්‍යවේදී කණ්ඩායම පියවර ගනු ඇති බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි .

මෙම ඉන්දීය මාධ්‍ය නියෝජිත පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ගාලු මුවදොර හෝටලය සහ Walkers Tours ආයතනය එක්ව පසුගිය ජූලි 4 වැනිදා සවස පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කල අතර මෙහිදී සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා, එහි කළමනාකාර අධ්‍යක්ෂ පද්මා සිරිවර්ධන මහත්මිය, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ මධුභානි පෙරේරා මහත්මිය, මහජන සම්බන්ධතා සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ මහතා විසින් මෙම ඉන්දීය මාධ්‍ය දූත පිරිස උණුසුම් ලෙස පිළිගත්හ .

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (SLAITO) සාමාජිකයින් මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන ඉන්දීය ව්‍යවසායකයින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. උත්සවය අතරතුර, ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ ඔවුන්ගේ ධනාත්මක අදහස් පලකල අතර මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයට ගතයුතු පියවරයන් ගැනද සාකච්ජා කළහ.

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය මාධ්‍යවේදීන් පිළිගනිමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසුවේ , සංචාරක කර්මාන්තය මුහුණ දී ඇති ඉන්ධන ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති බවයි ,

ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශය වෙනුවෙන් ගාලු මුවදොර හෝටලය , ඉන්දීය නියෝජිත පිරිස සඳහා විශේෂ පිළිගැනීමේ සැසියක් සංවිධානය කළේය .

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට (කලින් රේඩියෝ සිලෝන්) පැමිණ සභාපති හඩ්සන් සමරසිංහ මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද මාධ්‍ය දූත පිරිස පිළිගත් අතර පළමු ලේකම් එල්ඩෝස් මැතිව් පුන්නූස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිළිගැනීමේ උත්සවය පැවැත්වින
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?