නවතම පුවත්

චීන නැව 16 වෙනිදා ලංකාවට ඒවිද?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හම්බන්තොට වරායට පිවිසීමට අවසර ලැබෙන තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටින යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාවට අගෝස්තු 16 වෙනිදා හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

හම්බන්තොට වරායේ හාර්බර් මාස්ටර් යුවාන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වාරයේ නැංගුරම් ලෑමට අවසර ලබාදී නොමැති බව දිගින් දිගටම ප්‍රකාශ කළත් එම නෞකාව අගෝස්තු 16 වෙනි දින හම්බන්තොට වරායට පැමිණීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ඉකොනොමිස්ට් ටයිම්ස් පුවත්පත පෙන්වා දුන්නේය.

යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට නාවික සැතැපුම් 600 ක් පමණ දුරින් පැයට නාවික සැතපුම් 5.8 ක වේගයෙන් තම ගමන් මාර්ගයෙන් පිට පනිමින් නැවතත් ගමන් මාර්ගයට පැමිණෙමින් නැවතත් පිට පනිමින් යාත්‍රා කරන බව මැරිටයිම් වෙබ් අඩවි දත්ත පෙන්නුම් කළේය.

අගෝස්තු 16 හම්බන්තොට වරායට පැමිණීමට යුවාන් වැන්ග් 5 නෞකාවට අවසර ලබා දී ඇතැයි ලෙස පළවන වාර්තා පිළිබඳ දැනුවත් මුත් ඒ පිළිබඳ තහවුරු කිරීමක් මේ අවස්ථාවේ කළ නොහැකි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?