නවතම පුවත්

QR කේතයට පිටින් තෙල් බෙදන අයට කරන දේ ගැන රජයෙන් තීරණයක්

අසංක

අසංක

මෙට්‍රික්ටොන් 100,000ක් රැගත් බොරතෙල් නෞකාවක් අද රාත්‍රී කොළඹට පැමිණෙන අතර හෙට එහි ප්‍රමිති කටයුතු සිදුකෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

තවත් මෙට්‍රික්ටොන් 120,000ක් රැගත් බොරතෙල් නෞකාවක් අගෝස්තු 23-29 අතර පැමිණීමට නියමිතය.

මෙම නෞකා දෙකම රුසියානු යුරල්ස් බොරතෙල් වන අතර කඩිනමින් පිරිපහදුව ආරම්භ කිරීමට අපේක්ෂිත බවද අමාත්‍යවරයා කීය

මේ අතර අද පැවති සාකච්ඡාවකදී සියලුම පිරවුම්හල් වෙත බෙදා හරින ලද ඉන්ධන ප්‍රමාණය සහ QR ක්‍රමවේදය භාවිතා කරමින් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව පසුගිය සති දෙකේ දත්ත පරික්ෂා කිරීමත් එය පිළිබඳව සාකච්ඡා කිරීමත් සිදු කරන ලදි.

QR ක්‍රමවේදයට බැහැර වෙමින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබඳව අවශ්‍ය නීතිමය සහ පරිපාලන කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, ධීවර,කෘෂිකර්ම, කර්මාන්ත, සංචාරක කර්මාන්ත ප්‍රමුඛ කර ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ මහජන පැමිණිලි පිළිබඳව සාකච්ඡා කරන ලදි.

මෙම බෙදා හැරීමේ කටයුතු අධීක්ෂණය කරන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් ඉන්දික අනුරුද්ධ, සුරේන් රාඝවන් සහ මදුර විතානගේ මන්ත්‍රීතුමන්ලාද සහභාගී වූහ.

බෙදා හැරීමේ පර්යන්තයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වන ලදි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි