නවතම පුවත්

ඉදිරියේදී භාණ්ඩ මිල අඩුවන අපේක්ෂාවක්

අසංක

අසංක

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අගෝස්තු මස 17 වැනි දින පැවති රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි.

මෙම තීරණයට එළඹීමේදී, මුදල් මණ්ඩලය විසින් පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයට සාපේක්ෂව ආර්ථික ක්‍රියාකාරකම්වල නවතම දත්ත පදනම් කරගත් පුරෝකථන සලකා බලන ලදී.

දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙන්ම අත්‍යවශ්‍ය නොවන ආනයන වියදම් සීමා කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් නුදුරු කාලීනව පෞද්ගලික අංශයට ලබා දෙන ණය සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සේවා වියුක්තිය ඉහළ යෑමේ අවදානමක් ද පවතින බව ද මහබැංකුව කියයි.

නුදුරු කාලීනව මතුපිට උද්ධමනය ඉහළ අගයක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇතත්, මහ බැංකුව සහ රජය විසින් මේ දක්වා ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමස්ත ඉල්ලුම් පීඩන පාලනය කිරීමට උපකාරී වනු ඇත.

එමගින් මෙන්ම ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන්හි අපේක්ෂිත අඩු වීම් සහ ඒ හේතුවෙන් ඉදිරි කාලය තුළදී දේශීය මිල ගණන් අඩු වීම තුළින් උද්ධමන අපේක්ෂා පාලනය වනු ඇති බවද මුදල් මණ්ඩලයේ අදහස විය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි