නවතම පුවත්

ජල ගාස්තුත් ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජල ගාස්තු සැප්තැම්බර් පළමුවනදා සිට ඉහල දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, නිවාසවල ජල ගාස්තුව සියයට 70කින් ඉහල දමන බවයි එම මණ්ඩලයේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.

කෙසේවෙතත් රජයේ පාසල්වල මෙන්ම අඩු ආදායම්ලාභීන්ගේ නිවෙස්වල ජල ගාස්තු ඉහල නොදමන බවයි එම නිලධාරියා සදහන් කළේ. ව්‍යාපාරක ස්ථාන සහ සමාගම් සඳහා ජල ගාස්තු ඉහල දමන ප්‍රමාණයන් මෙතෙක් තීරණය කර නැහැ.

ජල ගාස්තු ඉහල දැමීමට ඉකුත්දා අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය හිමි වුණා. ඊට අදාල ලේඛණ ඉකුත් සිකුරාදා සිය මණ්ඩලයට ලැබුණු බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.

ඒ අනුව, තවත් දින කිහිපයක් ඇතුලත ඒ ඒ ක්ෂේත්‍ර සදහා ජල ගාස්තුව ඉහල දමන මුදල පිළිබඳ අවසන් තීරණයක් ගෙන ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගන්නා බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.

එලෙස ජල ගාස්තුව ඉහල දැමෙන්නේ වසර 10කට පසුවයි. ඉන්ධන මිල ඉහල යාම හා විදුලි බිල ඉහල යාම හමුවේ පිරිවැය අවම කිරීම සඳහා එළෙස ජල ගාස්තුව ඉහල දමන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි