නවතම පුවත්

සමලිංගික නීති ලිහිල්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සමලිංගිකත්වය දණ්ඩනීය වරදක් ලෙස මෙතෙක් සළකන ලද වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම සඳහා දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මන්ත්‍රීවරයා විසින් කටයුතු කර තිබේ.

දිවංගත කෘතහස්ත දේශපාලඥයකු වූ මංගල සමරවීරගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය යෙදී ඇති අද දිනයේ එම කෙටුම්පත ඔහු විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාරදීමට නියමිත බවට ඔහු පවසයි.

සියලු ආකරයේ වෙනස්කොට සැළකිම් ඉවත් කිරීමටත් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය ඔහුගේ කැමැත්ත පරිදි පවත්වාගෙන යාමට ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් දීර්ඝ කාලයක් තිස්සෙ හඬ නැගූ මංගල සමරවීරගේ නාමයට උපහාරයක් පිණිස මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට භාරදීමට කටයුතු කරන බව දොළවත්ත මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ලිංගික දිශානතිය නෛතික වරදක් ලෙස සලකන ප්‍රතිපාදන සංශෝධනය කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ සමලිංගිකයින්ට හිරිහැර වන නීති මොනවාද?


ශ්‍රි ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ (1883) 365 සහ 365අ වගන්ති වලට අනුව “ස්වභාවධර්මයට එරෙහි ලිංගික සංසර්ගය” සාපරාධී වරදක් වන අතර ඒවා “තදබල අශෝභන ක්‍රියා” ලෙස හඳුන්වනු ලබයි.

එම වගන්තියෙන් යොදාගෙන ඇති පදවලට දණ්ඩ නිති සංග්‍රහයේ පැහැදිලි නිර්වචනයක් ලබා දී නොතිබුණද එකඟතාවය මත ඇතිවන ලිංගික සබඳතාද සාපරාධි කරණය කිරීමට මෙම වගන්ති දෙකම යොදාගෙන තිබේ.

මෙම අපරාධයකට වරදකරු වන පුද්ගලයකු වසර දහයක් දක්වා සිරදඬුවමකට යටත් කළ හැකි ය.

දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තිය හරහා “ස්ත්‍රී පුරුෂ සමාජභාවය වසන් කිරීම” සාපරාධීකරණය කරනු ලබන අතර මෙය සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට එරෙහිව නිතර භාවිත කරනු ලබන්නේ ජනතාව නොමඟ යැවීමේ චෝදනාවට එරෙහිව නඩු පැවරීමේ කටයුතුවලදීය.

මීට අමතරව ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්මතයන් හා නොගැලපෙන බාහිර පෙනුම ඇති පුද්ගලයින් බිය වැද්දීම ඔවුන්ගෙන් කප්පම් ගැනීම, රඳවා තබා ගැනීම සහ ප්‍රශ්න කිරීම සඳහා පාදඩ ආඥා පනතේ (1842) අයාලේ හැසිරීමට අදාළ විධිවිධානද බොහෝ විට යොදා ගෙන තිබේ.

මෙම දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතින් කරන යෝජනා
ප්‍රධාන ප්‍රඥප්තිය 365 වගන්තියේ “යම් පුරුෂයෙකු, ස්ත්‍රියක හෝ යන වචන ඉවත් කර එම වගන්තිය මෙයින් සංශෝධනය කිරීම.”

ප්‍රධාන ප්‍රඥප්තිය 365 අ වගන්තියේ ” ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තෙකු සමඟ, ” යන වචන වලට පසුව “පහත දැක්වෙන විස්තර අතුරින් යම් විස්තරයකට අයත් පරිවේශන යටතේ, එනම් : –

අ. ඒ අනෙක් තැනැත්තාගේ කැමැත්ත නොමැතිව :

ආ. අනෙක් තැනැත්තා වයස අවුරුදු 16ට අඩු තැනැත්තකු වූ විට ඒ තැනැත්තාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව:

ඇ. ඒ අනෙක් තැනැත්තා නීත්‍යාණුකූල හෝ නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටියදී බලහත්කාරය පාවිච්චි කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ රඳවා ගැනීමේ තර්ජනයෙන් හෝ ඒ අනෙක් තැනැත්තාට මරන බය හෝ තුවාල සිදු කිරීමේ බය ඇති කිරීමෙන් හෝ ඒ අනෙක් තැනැත්තාගේ කැමැත්ත ලබා ගෙන ඇති අවස්ථාවක එසේ ලබා ගත් කැමැත්ත ඇතිව :

ඈ. අනෙක් තැනැත්තා සිහි විකලව සිටියදී හෝ මධ්‍යසාර නැතහොත් මත්ද්‍රව්‍ය මඟින් ඇති කරන ලද මත් අවස්ථාවක ඒ අනෙක් තැනැත්තා සිටියදී ඒ තැනැත්තාගෙන් ලබා ගත් කැමැත්ත ඇතිව ” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කිරීම.

ලිංගික දිශානතිය නෛතික වරදක් ලෙස සලකන ප්‍රතිපාදනද සංශෝධනය කිරීමට මෙම පනත යෝජනා කරයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?