Express Gossip


Share now!

විපක්‍ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සොයුරිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය අද දින උදෑසන , සිය දරු දෙදෙනාද සමග හදිසියේ රටින් පිටව ගොස් ඇති බව වාර්තාවේ .

මේ අනුව ඇය අද උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 505 දරණ ගුවන්යානයෙන් , එංගලන්තයේ ලංඩන් නුවර බලා පිටත්ව ගොස් ඇත .

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනිතැබීම සම්භන්ධව සිදුකෙරෙන පරීක්ෂණයන්ට අදාලව , ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 20 දින , ප්‍රේමදාස මහත්මියව එම මූලස්ථානය වෙත කැඳවා තිබිණ .