නවතම පුවත්

මෙරට දරුවන්ට හදිසි ආධාර අවශ්‍යයි – ජගත් ළමා අරමුදල කියයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් දරුවන්ගේ අවශ්‍යතා සපුරලීමට නොහැකි මෙරට දෙමව්පියන්, එම දරුවන් ළමා ආරක්ෂණ ආයතන වෙත යොමු කිරීමේ ප්‍රවණතාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ, ජෝර්ජ් ලාර්යෙයා ඇඩ්ජෙයි මහතා පවසයි.


මෙරට සංචාරයෙන් අනතුරුව ඊයේ (26) කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, එම තත්ත්වය අඛණ්ඩව පැවැතුන හොත් දරුවන් සම්බන්ධයෙන් මෙරට ලබා ඇති ප්‍රගතිය පසුබෑමේ අවදානමක් මතුව ඇති බවයි.

මෙරට දරුවන් තිදෙනකුගෙන් එක් අයෙකුම මේ වනවිටත් යම් ආකාරයක හදිසි ආධාර උපකාර ලැබීමේ අවශ්‍යතාවයෙන් පෙලෙන බව ද ජෝර්ජ් ලාර්යෙයා ඇඩ්ජෙයි මහතා පැවසීය.

දැනට පවත්නා අර්බුදයකාරි තත්ත්වය හේතුවෙන් දරුවන් පාසල් යාම අඩාල වී ඇති බවත් අර්බුදයට පෙර ඔවුන්ට ලැබුණු රසවත් හා නැවුම් ආහාරවේල අහිමිවී ඇති බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේ ය.

ආහාර මිලදී ගැනීමේ හැකියාව නොමැතිවීම නිසා පවුල් ඔවුන්ගේ එදිනෙදා ආහාරවේල් මග හරිමින් පසුවන බව පැවසු එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ, මෙරට දරුවන් මීළඟ ආහාර වේල ලැබෙන්නේ කෙසේදැයි නොදැන කුසගින්නේ නින්දට යන බවයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි