නවතම පුවත්

ආදායම ට්‍රිලියන 2ක් වෙද්දී , වියදම ට්‍රිලියන 4යි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සහනයක් ලබාගැනීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා “අවසන් අදියරේ” පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සංශෝධිත අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඔහු ඒ බව පැවසීය.

මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් මෙරටට පැමිණ සිටින අතර පසුගියදා ඔවුන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීය.

මෙම සංශෝධිත අයවැය යෝජනාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇති කර ගනිතැයි අපේක්ෂා කෙරේ.

සංශෝධිත අයවැය අනුව එකතුකළ අගය මත බදු 12% සිට 15% දක්වා වැඩිකිරීමත් ආදායම් බදු වැඩි කිරීමටත් පියවර ගෙන ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල එකඟතාවයකට මාර්ගය පාදා ගැනීමට බව විශ්ලේෂකයෝ පවසති.

මෙරට බලධාරීන් ඩොලර් බිලියන 2ත් 3ත් අතර මූල්‍ය සහනයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන අතර එසේම මෙරට මුහුණපා ඇති බාහිර ණය අර්බුදයට විසඳුමක් ලෙස එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ද සැලසුම් කරමින් සිටී.

අද ඉදිරිපත්කළ යෝජනාවලියට අනුව 2022 අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 9.8%ක් දක්වා 8.8% සිට ඉහළ ගොස් තිබේ.

ඊට හේතුවී ඇත්තේ බදු ආදායම සුළු වශයෙන් අඩුවීම සහ වියදම් දැඩි ලෙස ඉහළයාම බව සඳහන් විය.

ජනාධිපතිවරයා සංශෝධිත අයවැය අනුව 2022 සඳහා අපේක්ෂිත ආදායම රුපියල් ට්‍රිලියන 2කි.

පසුගිය වසරේදී එවකට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත්කළ 2022 අයවැය ලේඛනයේ මෙම වසර සඳහා අපේක්ෂිත ආදායම දැක්වුණේ රුපියල් ට්‍රිලියන 2.23ක් ලෙසය.

වියදම රුපියල් ට්‍රිලියන 4.4ක් දක්වා ඉහළගොස් ඇත්තේ මීට පෙර සඳහන් වූ රුපියල් ට්‍රිලියන 3.9ක අගයක සිටය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි