නවතම පුවත්

නෙළුම් කුළුණේ උඩටම නඟින්න ජනතාවට අවස්ථාව

අසංක

අසංක

ශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විඳිය හැකිය.

ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් එක්සත් ජනපද ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු වේ.

රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළුවිය හැකි අතර, අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැකිය. රුපියල් 500 ප්‍රවේශ පත්‍රය ලබාගන්නා අයෙකුට කුළුනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණි.

ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

එක්සත් ජනපද ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ, ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට “කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම” කටයුතු යොදා ඇත.

නෙළුම් කුළුණේ ඉදිකිරීම් 2012 වසරේදී ආරම්භ කෙරුණු අතර 2022 පෙබරවාරි 28 වන දින ඉදිකිරීම් අවසන් කරමින් එය ලංකා රජයට භාර දෙන ලදී. මේ සඳහා චීන සමාගම විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 88.65ක් ලබාදී ඇති අතර ඉතිරිය ශ්‍රී ලංකා රජය විසින් යොදවා තිබේ. ‍ මෙහි ණය වාරික ගෙවිම් 2024 වර්ෂය වන විට අවසන් කිරීමට නියමිතය. ණයවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 66.3936 මේ වනවිටත් ගෙවා අවසන්ය.

කොළඹ, නෙළුම් කුළුණ පුද්ගලික සමාගම මහා භාණ්ඩාගාරය යටතේ මේ වසරේ මාර්තු මාසයේ දී ස්ථාපිත කළ සමාගමක් වන අතර, එහි සියලු ගනුදෙනු විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් විගණනය කෙරේ.

ලෝකයේ ධනවත් රටවල මෙන් විනෝදාස්වාදය සහ නව තාක්ෂණික අත්දැකීම් මෙහිදී ලබාදීමට සැලසුම් කර ඇති බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

මේ වන විට දේශීය ආයෝජකයන් සියයට 80ක් හා විදේශීය ආයෝජකයින් සියයට 20ක් නෙළුම් කුළුණ සඳහා ආයෝජනයට එක්ව ඇති බව ද සමරසිංහ මහතා අනාවරණය කළේය.

මේ වනවිට ‍ආයෝජකයන් 58ක් සමඟ සාකච්ඡා කර ඇති අතර එයින් ආයෝජකයන් 22ක් සමඟ ගිවිසුම්වලට එළඹිමට කැමැත්ත පළ කරමින් සිටී. මේ වසරේ දෙසැම්බර් 31 වන විට විවිධ උත්සව 15ක ඇණවුම් මේ වන විටිත් ලැබී ඇති බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම සඳහන් කරයි. ලබන වසරේ ජනවාරි මාසයේ සිට මෙම සියලුම මෙහෙයුම් තවදුරටත් සාර්ථකව සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව ද සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් ‍කළේය.

ජනතාවගේ ඉල්ලීමට සරිලන අයුරින් නව තාරුණ්‍යයේ බලාපොරොත්තු ඉටුවන අන්දමේ තෝතැන්නක් බවට නෙළුම් කුළුණේ මෙහෙයුම් සන්නද්ධ කර ඇති අතර එයට අක්කර 10.5ක භූමි භාගයක් අයත් වේ.

නෙළුම් කුළුණ නැරඹීමට පැමිණෙන ජනතාවට බිම් මහලේදී ප්‍රසිද්ධ අවන්හල්වල සහ සමරු වෙළඳසැල්වල අත්දැකීම ලබාගත හැකි අතර, ප්‍රසිද්ධ වාණිජ්‍ය බැංකු කිහිපයක් ද බිම් මහලේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

‍පළමු මහල කාර්යාල පහසුකම් සඳහා ලබාදීමට බලාපොරොත්තු වන අතර ඩිජිටල් සිනමා ශාලාවක් ද මෙහි පවතී. ජනතාවගේ හා සමාගම්වල ඉල්ලීම් මත වර්ග අඩි වශයෙන් කුලිපදනම මත ආයෝජකයන්ට ලබාදීමට පියවර ගෙන තිබේ. තුන්වන මහල සම්මන්ත්‍රණ ශාලාවකින් සමන්විත අතර එහි 400කට පමණ එකවර පහසුකම් සලසා ඇත. විවෘත මහළ නොයෙක් විනෝදාස්වාද කටයුතු සඳහා ලබාගත හැකිවන අයුරින් නිර්මාණය කර තිබේ.

නෙළුම් පොහොට්ටුවක හැඩයේ පළමු මහළේ 400කට පමණ අසුන්ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවක් පවතින අතර, ඉන් ඉහළ මහළ කැරකෙන අවහලකින් සමන්විතය. ඉහළම නැරඹුම් මැදිරියේ දී “කොළඹ අහස යට” නවමු අත්දැකීමක් විඳගැනීමට හැකියාව පවතී.

ලංකාවේ තිබෙන වේගවත්ම විදුලි සෝපාන තුනක් නෙළුම් කුළුණ සතු අතර, එය ජපාන තාක්ෂණය යටතේ නිර්මාණය වී තිබේ. මේ සියලුම අත්දැකීම් ලබන 15 වනදායින් පසුව ජනතාවට විවෘත කිරීමට නියමිතය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී