නවතම පුවත්

පසුගිය මාසයේ උද්ධමනය 70.2% දක්වා ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය අගෝස්තු මාසය සඳහා මෙරට උද්ධමනය 70යි දශම2 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ජූලි මාසයේ උද්ධමනය දැක්වුණේ 66යි දශම7 ක් ලෙසයි. ආහාර කාණ්ඩයේ උද්ධමනය ද අගෝස්තු මාසයේ 84යි දශම 6ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය පැවතුණේ 82යි දශම 5ක් ලෙසයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

පෙර මාසය හා සංසන්දනය කලවිට, 2022 අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩය යටතේ ඇති ආහාර කාණ්ඩය සැලකූවිට අළුත් මාළු, බිස්කට් වර්ග, බිත්තර, පළතුරු, කුකුළුමස්, ළදරු කිරිපිටි, කරවල, එළවළු, ටින්මාළු, කිරිපිටි, පොල්තෙල්, පාන්, නූඩ්ල්ස්, තිරිඟුපිටි, හාල්පිටි, මිරිස්කුඩු සහ ලුණු යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් පෙන්නුම් කෙරෙනවා.

එහෙත් මයිසූර් පරිප්පු, හාල්, සීනි, ලොකුලූණු, අර්තාපල්, දෙහි, වියළි මිරිස්, අමුමිරිස් සහ රතුලූණු යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීම ද කැපී පෙනෙන බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළේ. ආහාර නොවන කාණ්ඩයේ ජූලි මාසයේ පැවති උද්ධමනය අගෝස්තු මාසයේ 57යි දශම එකක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ අතර සියයට 117යි දශම එකක් ලෙස ජූලි මාසයේ පැවති ප්‍රවාහන කාණ්ඩයේ උද්ධමනය ඉකුත් අගෝස්තු මාසයේ සියයට 113යි දශම තුනක් දක්වා අඩුවී ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්