නවතම පුවත්

බොරතෙල් ආනයනයට , ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

‍ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහාය ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය යළිත් අවධාරණය කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් ඊයේ (26) දිනයේදී පැවැත්වූ බවය.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින රෝමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකාර්මික ආයතනයේ අමෙරිකානු තානාපති සින්ඩි මැකේන් මහත්මිය ඊයේ දිනයේදී විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග අදාළ සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ.

එහිදී ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ දීර්ඝකාලීන කැපවීම යළි තහවුරු කළ බව අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ තිරසාර කෘෂිකර්මාන්තය සඳහා සහයෝගය ලබාදෙන බවට එහිදී සින්ඩි මැකේන් මහත්මිය ප්‍රකාශ කර තිබේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින විදේශ කටයුතු අමාත්‍ය නීතීඥ අලි සබ්රි මහතා සහ ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdollahian අතර සුහද සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා විය.

දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

රාජ්‍යයන් දෙක අතර අවබෝධතා ගිවිසුමක් මගින් බොරතෙල් අනයනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන් වේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?