නවතම පුවත්

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට රටවල් 30ක සහය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 07 ක අනුග්‍රාහකත්වයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවේදී ශ්‍රී ලංකාවට අවාසිදායක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා පරාජය කළ ආකාරයෙන්ම මෙම යෝජනාව පරාජය කිරීමට හැකිවනු ඇති බවට ජිනීවාහි සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස ප්‍රකාශ කර තිබුණද මෙවර ඔවුන්ට එය එතරම් පහසු නොවන බවයි වාර්තා වන්නේ.

ලබන 06 වැනිදා හෝ 07 වැනිදා මෙම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති අතර මේ වනවිටත් ඇමරිකාව ප්‍රමුඛ රටවලට තවත් රටවල් 30 කට ආසන්න ප්‍රමාණයක සහාය හිමිව තිබේ. ඇල්බේනියාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ලැට්වියාව, ලිච්ටෙන්ස්ටයින්, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මාෂල් දූපත්, නෙදර්ලන්තය, නවසීලන්තය, ස්ලෝවැකියාව, ස්වීඩනය, උතුරු අයර්ලන්තය, තුර්කිය යන රටවල් මේ වනවිටත් යෝජනාවට පක්ෂව අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

වෙනත් වසරවලදී ශ්‍රී ලංකාවට ප්‍රබල සහයෝගයක් ලබාදුන් රුසියාවට සහ බංග්ලාදේශයට මෙවර ඡන්ද බලය හිමි නොවන අතර ඉන්දියාව සහ නේපාලය බොහෝදුරට ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටිනු ඇති බවද වාර්තා වේ. වෙනදා ශ්‍රී ලංකාව සමගට එකට සිටගත් මැද පෙරදිග රටවල් සහ අප්‍රිකානු රටවල් කිහිපයක්ද ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවට මේ දක්වා තීරණය කර නොමැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්