නවතම පුවත්

ශ්‍රී ලංකාවේ දුප්පත්කම උඩුදුවන හැටි

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 16%ක් බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බවට අනාවරණය වී තිබේ.

මින් අදහස් වන්නේ සෑම පුද්ගලයන් සය දෙනෙකුගෙන් එක් අයෙක් බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 වසරේ කරන ලද ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණ තොරතුරු වලට අනූව මේ බව අනාවරණය වී ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉතිහාසයේ ප්‍රථම වරට නිල සංඛ්‍යාතයක් ලෙස 2019 වර්ෂය සඳහා ජාතික බහුමාන දරිද්‍රතා දර්ශකය (NMPI) ප්‍රකාශයට පත් කරන ලදී.

බහුමාන දරිද්‍රතා දර්ශකය ඔස්සේ එකවර විවිධ අහිමි වීම් අත්විඳින දිළිඳු පුද්ගලයන් සංඛ්‍යාව කොපමණ දැයි මැන බැලීමට හැකියාව ලැබේ.

බහුමාන දරිද්‍රතා දර්ශකය (MPI) යනු, සියළු පුද්ගලයින්ට සියළු මානයන්ගෙන් අත්වීඳිය හැකි විහීනතාවයෙහි කොටසක් ලෙස දුප්පත් පුද්ගලයින් අත්විදින විහීනතා ප්‍රතිශතයයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන අවුරුද්දක් වයසැති දරුවාගේ සිට අවුරුදු 4 දක්වා වන වයස් කාණ්ඩයේ පසු වන දරුවන්ගෙන් 42.2%ක්ම බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ඔවුන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් ආහාර පිසීම සඳහා ඉන්ධන, පෝෂණය හා පානීය ජලය යන දර්ශකයන්ට අදාළව අඩුලුහුඬුකම් අත්විදින බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් මේ බව පෙන්වා දෙන්නේ 2019 වසරේදී කරන ලද ගෘය ආදායම් හා වියදම් සමීක්ෂණය මඟිනි.

ඒ අනුව මෙරට වෙසෙන අවුරුදු 4 සහ ඊට අඩු දරුවන්ගෙන් ආහාර පිසීම සඳහා ඉන්ධන අඩුකමින් 34.0%ක්, පෝෂණය දරිද්‍රතාව 33.4%ක් හා පානීය ජලය අඩුකමින් 32.9%ක් අත්විඳින බවට සොයාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතා දර්ශකයේ අගය 0.067%කි.

2019 වර්ෂයේ පවත්වන ලද ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණ දත්ත පදනම්කර සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ජාතික බහුමාන දරිද්‍රතාවයේ තීව්‍රතාව 41.6%කි. ඒනම් බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන එක් පුද්ගලයෙකුට සාමාන්‍යයක් ලෙස විහීන වූ මානයන්ගේ ප්‍රතිශතය 41.6% කි.

දිස්ත්‍රික්ක අතරින් වැඩිම සහ අඩුම බහුමාන දරිද්‍රතාවය පෙන්නුම් කරන්නේ පිළිවෙලින් නුවරඑළිය දිස්ත්‍රික්කය (44.2%) ය.

කොළඹ දිස්ත්‍රික්කය (3.5%) වේ.

අංශ අතරින් වැඩිම සහ අඩුම බහුමාන දරිද්‍රතාවය පෙන්නුම් කරන්නේ පිළිවෙලින් වතු අංශය (51.3%) හා නාගරික අංශය (4.4%) වේ.

දරිද්‍රතාවෙන් පෙළෙන පුද්ගලයන් පිළිබඳ සවිස්තරාත්මක චිත්‍රයක් ලබා ගැනීමට සහ එම තත්වය දිස්ත්‍රික්ක හරහා සංසන්දනය කර බැලීමට NMPI භාවිතා කළ හැක.

ශ්‍රී ලංකාවේ ජාතික බහුමාන දරිද්‍රතා දර්ශකය ප්‍රධාන මාන තුනක්, එනම් අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජීවන තත්ත්වය යටතේ දර්ශක 10 ක් සැලකිල්ලට ගනිමින් සකස්කර ඇත.

එම දර්ශකවලින් අවම වශයෙන් තුනෙන් එකක්වත් ඔහුට/ඇයට අහිමි වුවහොත්, ඔහු/ඇය බහුමාන වශයෙන් දුප්පත් ලෙස සලකනු ලැබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි