නවතම පුවත්

ලොව දිගම මගී දුම්රිය ස්විස්ටර්ලන්තයේ ධාවනය වෙයි

අසංක

අසංක

ලොව දිගම මගී දුම්රිය ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරය හරහා වැටී ඇති ඉතා දර්ශනීය දුම්රිය මාර්ගයක් හරහා ධාවනය කිරීමේ වාර්තාවට පසුගිය සෙනසුරාදා හිමිකම් කී බව එරට රේෂන් දුම්රිය සමාගම පවසයි.

සාමාන්‍ය දුම්රිය 25කින් එනම් දුම්රිය මැදිරි 100කින් සමන්විත කිලෝමීටර් 1.9ක් දිග දුම්රියක් ප්‍රේඩා සිට බර්ගන් දක්වා ඇල්බුලා-බර්නිනා මාර්ගය ඔස්සේ මෙලෙස ධාවනය කර තිබේ. දුම්රිය ආසන සංඛ්‍යාව 4,550කි. දුම්රියේ සන්නිවේදනය තීරණාත්මක මෙන්ම දුෂ්කර ය. කිලෝමීටර් 2ක් පමණ දිග ක්ෂේත්‍ර දුරකථනයක් ස්ථාපිත කර ඇත. දුම්රිය රියදුරන් 7 දෙනෙකු සහ කාර්මික ශිල්පීන් 21 දෙනෙකු දුම්රියේ කටයුතු සුමටව පවත්වාගෙන යාමට දුම්රිය තුළ සූදානම් ය.

මෙම මාර්ගය 2008 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද්දකි. එය උමං මාර්ග 22 ක් හරහා ගමන් කරයි.

මෙම දුම්රිය මාර්ගයේ ඇතැම් ස්ථාන කඳු හරහා සර්පිලාකාරව ගමන් කරයි.

එමෙන්ම ලැන්ඩ්වාසර් වියර්ඩක්ට් ආරුක්කු පාලම ද ඇතුළුව පාලම් 48 ක් හරහා ගමන් කරයි.

මුළු ගමනටම පැයකට වඩා ගතවේ. ඇල්ප්ස් කඳුවැටිය හරහා ගමන් කරන මෙම දුම්රියේ නැරඹීමට දුම්රිය ලෝලීන් මිටියාවත පුරා පෙළ ගැසී සිටියහ.

‘අපේ ස්විට්සර්ලන්ත දුම්රිය සේවය වසර 175ක සංවත්සරය සමරනවා. මෙම ලෝක වාර්තාගත උත්සාහය මෙම ජුබිලියේ එක් වැදගත් සන්ධිස්ථානයක්’ යනුවෙන් රේෂන් දුම්රිය ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය රෙනාටෝ ෆැසියාටි පැහැදිලි කළේය.

“නමුත් ඇත්ත වශයෙන්ම, හේතුව වූයේ කොරෝනා අර්බුදයේදී (COVID-19 වසංගතය) අපට යම් කරදර ඇති වූ නිසා දුම්රියේ අමුත්තන් රැගෙන යාමේදී අපගේ පිරිවැටුමෙන් 30% ක් අහිමි වුණා. ඒ නිසා අපි යළිත් අප‍ගේ දුම්රිය සේවය යථාතත්වයට පත්කරගන්න දැනුවත් කිරීම සඳහා වඩාත් හොඳ සිදුවීමක් සොයා ගැනීමට උත්සාහ කළා. අපගේ සුන්දර යුනෙස්කෝ ලෝක උරුමයක් වූ මේ දර්ශනීය මාර්ගය දිගේ දිගම දුම්රිය ධාවනය කරමින් එම දැනුවත් කිරීම කරන්න ඕන කියා අප හිතුවා. ඉතින් මේ ලෝක වාර්තාගත උත්සාහය මේ සුන්දර දුම්රිය මාර්ගය ලෝකයට පෙන්වන්නයි”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්