නවතම පුවත්

කතරගම දේවාලයේ පඬුරුවලට වෙනදේ මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුහුණු මහා කතරගම දේවාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් බැතිමතුන් පූජා කරන පඬුරුවලින් රුපියලක් හෝ නොලැබෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.

එම පඬුරු සියල්ල කපුමහතුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගන්නා බව බස්නායක නිලමේවරයා චෝදනා කරයි.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා,

“ඉල් මහා පෙරහැර මංගල්‍ය දෙසැම්බර් 07 වෙනිදාට යෙදිලා තබෙනවා. මෙවර විශේෂත්වයක් තිබෙනවා ඇසල පෙරහැර මංගල්‍යය අවස්ථාවේදී කපු මහත්වරු විසින් බස්නායක නිලමේවරයා මාස බෙදලා කපු මහත්තවරුන්ට භාරදීපු ඒ ක්‍රමවේදයට පටහැනිව කපුමහත්වරු විසින් දේවාලයේ යතුර ඔවුන් භාරයේ තබාගෙන තිබෙනවා. ඒ නිසා මේ වනවිට දේවාලයට බැතිමතුන්‌ගෙන් ලැබෙන පූජා වට්ටියේ තිබෙන පඬුරු මුදල් සියල්ල කපු මත්තවරු ඔවුන්ගේ පුද්ගලික පරිහරණය සඳහා යොදවනවා. මේ වනවිට වැඩිමාස දෙකේ සල්ලිවත්, අනෙක් මාසවල සල්ලිවත් සියල්ල ලැබෙන්නේ නැහැ. පූජා වට්ටියේ තිබෙන බැතිමතුන් තිබෙන සියලුම මුදල් ඒ කපු මහත්තවරුගේ ගෙවල්වලට ගෙනියනවා. ඒ කපු මහත්වරුගේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා. ඒ වගේම දේවාලයට ලැබෙන රත්‍රං ඇතුළු පූජා භාණ්ඩ දේවලෙයෙන් රිසිට්පතක් කැඩුවේ නැත්නම් ඒ කපුමහත්වරු ගෙදර ගෙනියනවා. හැබැයි විහාර දේවාලගම් පනත අනුව මේ මුදල් පරිහරණය වියයුත්තේ මේ ක්‍රමයට නෙමෙයි. හාර දේවාලගම් පන‌තේ බොහොම පැහැදිලිව තියෙනවා බැතිමතුන්ගෙන් ලැබෙන පුද පඬුරු කොහොමද පරිහරණය කරන් ඕනේ කියලා.”

රුහුණු මහා කතරගම දේවාලයේ ඉල් මහා පෙරහැර ලබන දෙසැම්රබර් මස 07වනදා පැවැත්වීමට නියමිතය.

ඊට අදාළ සාකච්ඡාවක් රුහුණු මහා කතරගම දේවාලයේ රැස්වීම් ශාලාවේදී ඊයේ (19) පැවැත්වුණි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී