හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ඒකමතිකව තීරණය කර තිබේ.
ඒ අනුව හිටපු ජනපතිනියගේ සහ ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගත් 8 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇත.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම පියවර ගෙන තිබේ.