නවතම පුවත්

ඔෂීන් රූගත කළ යමගාතාවට සවාරියක්

අසංක

අසංක

මකායා කියන්නෙ ජයවර්ධනපුර සරසවියෙ මිතුරන් අතර හොදින්ම දන්න නමක්. මේ කියන්න හදන්නෙ නුවන් ධනුෂ්ක මකායා ගැන විස්තරයක් නෙමෙයි. ජපානෙ ඉන්න මකායා තමන්ගෙ යාලුවො කට්ටිය එක්ක පුංචි කාලේ අපේ වීරවරියක් වුණ ඔෂීන් ටෙලි නාට්‍ය රූගත කරපු තැන බලන්න ගියා.

ජපාන රජය මේ ස්ථානය දැන් සංරක්ෂණය කරලා සංචාරකයන්ටත් විවෘත කරලයි තියෙන්නෙ. ටසුරුකො යමගාතා ( Yamagata) ප්‍රදේශයේ තමයි මේ ඔෂීන් ගම්මානය තියෙන්නෙ.
දැන් එහි බොහෝ තැන් ගරා වැටිලා. ඔෂීන් බලපු පරම්පරාවත් දැන් තරුණ විය පහුකරලා මම හිතන්නෙ.

සුගාකෝ හසීඩා ගේ ඔෂීන් අපි ලංකාවේ රසට බැලුවෙ ටයිටස් තොටවත්තයන්ගේ නිපැයුමක් විධියට. එදා අපි දැකපු තරුණ ඔෂීන්ට රගපෑ අයාකො කොබයෂි පසුගිය 2017 වසරේ පළමු වතාවට ලංකාවටත් පැමිණියා.
ඇයව ලංකාවේ ඔෂීන් රසික රසිකාවියන් පිළිගත්තේ මහත් හරසරන්.

ඔෂීන් කියන්නෙ ලංකාවේ විතරක් නෙමෙයි එන්.එච්.කේ රූපවාහිනිය 1983 අප්‍රේල් 4 දා සිට 1984 මාර්තු 31 දක්වා දක්වා ජපානයේ විකාශය කරපු එරට වැඩිම රසික හදවත් දිනාගත් ටෙලිනාට්‍ය මාලවක් බව අප අමතක නොකළ යුතුයි.

මේ තියෙන්නෙ අද ඔෂින් තිරගත කරපු ගම්මානයේ ඡායාරූප. බලන්න ඒ අතීතය මතක් වුණාද කියලා.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී