නවතම පුවත්

ශ්‍රී ලංකාව වසරේ පළමු එක්දින ජය ලබයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සත්කාරක ස්කොට්ලන්ත කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායයට අනුව ලකුණු 35කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ඒක්දින තරගය ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායමට තරග දෙකකින් සමන්විත වූ ඒක්දින තරගාවලිය 1-0ක් ලෙස ජයගැනීමට සමත්විය. තරගාවලියේ පළමු තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවිය.

කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 8 ලකුණු 322ක් රැස්කිරීමට සමත්විය. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි දිමුත් කරුණාරත්න (77) හා අවිශ්ක ප්‍රනාන්දු (74) පළමු කඩුල්ලට සාර්ථක ලකුණු 123ක සබඳතාවක් පැවැත්වීමට සමත්වූහ.

අසිත දැවි යාමෙන් පසුව දිමුත් සමග ඒක්වූ කුසල් මෙන්ඩිස් (66) ලකුණු 81ක සබඳතාවක් පැවැත්වීමට සමත්විය. ඉන් අනතුරුව පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබමින් තිසර පෙරේරා සිවුවැනි ක්‍රීඩකයා ලෙස පන්දුවට පහරදීමට පැමිණියත් ඔහු ලකුණු නොලබා පිටියෙන් ඉවත්විය. පසුව පිටියට පැමිණි ඇන්ජලෝ මැතිව්ස්ටද රැස්කළ හැකිවූයේ ඒක් ලකුණක් පමණි.

කෙසේ වෙතත් කුසල් හා ළහිරු තිරිමාන්න (44*) නැවතත් ශ්‍රී ලංකා ඉනිම ගොඩගන්න්නට විය. තරගයට වර්ෂාවෙන් බාධා ඇති වූ හෙයින් ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 34කදී ලකුණු 235ක ඉලක්කයක් හිමිවිය. කෙසේ වෙතත් ඔවුන්ට පන්දුවාර 33.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 199ක් පමණි.  ණුවන් ප්‍රදීප් පන්දුවාර 7කදී ලකුණු 34ට කඩුලු 4ක් දවාගනිමින තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

මෙම තරගය ඒක්දින නායකයා ලෙසින් දිමුත් ක්‍රීඩා කළ පළමු තරගය වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්