නවතම පුවත්

CTJ අබ්දුල් රාසික් වහාම අත්අඩංගුවට ගන්න – ඥානසාර හිමි කල හෙළිදරව්ව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාස 9කට පසු බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රථම වරට මාධ්‍ය හමුවේ ඊයේ (24) පෙනි සිටියා. ජනාධිපති සමාව ලැබිමෙන් පසුව ඥානසාර හිමියන් අද කැදවා තිබු මාධ්‍ය හමුවේදී විශේෂ හෙළිදරව් කීපයක්ම සිදුකරා.

මෙහිදි අදහස් දැක්වූ ඥානසාර හිමියන්

සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නමැත්තා තොරතුරු සපයන මුවාවෙන් ආරක්ෂක අංශ නොමග යවමින් සිටින්නේ යැයි චෝදනා කළ උන්වහන්සේ ඉතා ඉක්මනින්ම ඔහු අත්අඩංගුවට ගත යුතු බව ද පැවසූහ.

වහබ්වාදීන් ගැන තමන් 2013 දී රටට කියන්නට පෙර අලෙවි මවුලානා හිටපු ඇමැතිවරයා විසින් 2007 දී මේ ගැන හෙළිදරව් කරනු ලැබ තිබුණු නමුත් බලධාරින් ඊට අවධානය යොමු නොකළේ යැයි ද ඥානසාර හිමියෝ අවධාරණය කළහ.

සලෆ්වාදය වහබ්වාදයට වඩා දරුණුයි. සලෆ් වහබ්වාද නිසා මුස්ලිම් සමාජය දරුණු ලෙස ආක්‍රමණයට ලක්වෙලා තිබෙන බවත් අපිව බේරාගන්නවා නම් ඔබවහන්සේලාට බුදු බව අත්වෙන බවත් අපට කිව්වේ මුස්ලිම් මිනිස්සුයි. ඇයි ඕගොල්ලන්ට කතාකරන්න බැරි කියලා මම ඇහුවා. හාමුදුරුවනේ ඒක ඒ තරමටම දරුණුයි. අපි කතා කළොත් මුන් අපිට ගහනවාය අපේ මිනිස්සු මරලාත් තියෙනවා යැයි ඒ මිනිස්සු එතකොට කිව්වා. මේ ප්‍රශ්නය පටන්ගත්තෙ හලාල්වලින්. 

2013 අගභාගයේ නැගෙනහිර පළාතේ සහරාන් නමැති ඉලන්දාරියෙක් වහබ්වාදයට මුළු නැගෙනහිරම ගොදුරු කරගනිමින් සිටිනවාය සුෆි මුස්ලිම්වරුන්ගේ සොහොන් කඩමින් ආයුධ අත දරාගෙන මරපන් කොටපන් කියාගෙන වීදි සටන් කරනවා යැයි මම කිව්වා. සිබ්ලි ෆාරුක් සහ අබ්දුල් රහුමාන් යහපාලනය සඳහා වූ පෙරමුණ හදාගෙන මේ මිනිහා රටින් පන්නන්න හදනවාය කියලා අපි කිව්වා. මගේ ළඟ ලියැවිලි තියෙනවා. මම මේක කියන්න කලින් අලෙවි මවුලානා ඇමැතිතුමා 2007 දි කිව්වා.

මගේ කටේ වචනනේ සැර වුණේ. බෝම්බෙ හරි සනීපයිනෙ. මේ ප්‍රශ්නෙ කතා කරලා තාමත් නඩු හයක් තියෙනවා. මේ සතිය ඇතුළත අබ්දුල් රාසික්ව අත්අඩංගුවට ගන්න. දැන් එයා තෝරු මෝරු අයින් කරලා හාල්මැස්සෝ පෙන්නුවාම බුද්ධි අංශ ඒ පස්සේ පන්නනවා. අබ්දුල් රාසික්ගෙන් තොරතුරු ගන්නේ. හොර පැටව් ඉන්නෙ කොහෙද කියලා මහ හොරාගෙන් අහනවා. මේවා ගැන මම එක්සත් ජාතින්ගේ සංවිධානයට පවා ලියලා තියෙනවා. මේ දේවල් ගැන මම ලිඛිතව කළ දැනුම්දීම් ඉදිරි සතියේ විධිමත් විදියට රටට ඉදිරිපත් කරනවා.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි