නවතම පුවත්

මධූෂ්ගෙ ‘Drop me Taxi’ විවෘත කරන්න එජාප මන්ත්‍රී හරහා අගමැති ගෙන්නගෙන

අසංක

අසංක

පාතාලෙට එන්න පාර කියපු අය,
උදව් ගත්ත දේශපාලඥයො
නිරෝෂන් ප්‍රේමරත්නගේ යාලුකම,
අමල් අදුන්නලා දීපු කලාකරුවො,
ආයුධ ලැබුණු කතා,
මීඩියා එකෙන් ආපු ත්‍රිල් එක ගැන
මදුෂ් කියන සම්පූර්ණ කතාවම මෙන්න


“අමල් පෙරේරාව මම කාලයක් තිස්සේ දන්නවා. කලාකරුවන් රැසක්ම අමල් හරහා මම අදුනගෙන තියෙනව. රයන් ඒ එක්කෙනෙක් විතරයි“
පාතාලයේ ගෝඩ් ෆාදර් මාකදුරේ මධුෂ් මෙරට කලා ලෝකයේ තමන් දන්නා හදුනන කලාකරුවන් රැසක් ගැන රහස් පොලිස් නිලධාරීන්ට හමුවේ තොරතුරු වමාරන්නට ගෙන ඇත්තේ ඒ ආකාරයටය.
ඒ විතරක් නෙමෙයි, මෙරට සමාජ ශාලා ජාලයක හිමිකරුවෙක් වන කැරෙකො වසන්ත නැමැත්තාව මධුෂ්ට හදුන්වා දී ඇත්තේද අමල්ය.
“අංගොඩ ලොක්කා දුවගේ උපන්දිනේට ආවේ නැහැ. මිනිහා තාමත් ඉන්නේ ඉන්දියාවේ.“ අංගොඩ ලොක්කා ඩුබායි සාදයට පැමිණි බවට මෙරට මාධ්‍යවල පලවූ පුවත් ගැන රහස් පොලිස් නිලධාරීන් විමසන විට ඔහු පවසා ඇත්තේ එවැනි කථාවකි.

ලංකාවේ මාධ්‍ය වලනම් අංගොඩ ලොක්කා සාදයට පැමිණි බව වාර්තාකර ඇතැයි රහස් පොලිස් නිලධාරීන් පවසන විට “සර් දන්නවද ලංකාවේ මාධ්‍යවල මම නොකරපු ඒවත් දාල මාව මේ තැනට පත්කලේ ඒ අයනේ“ යැයි පවසා ඇත්තේ සිනා සෙමිනි.
“ෆේස් බුක්වලයි, ලංකාවේ පත්තරවලයි මගේ ගැන ලොකු අකුරින් විස්තර දාල තියෙනව දැක්කම මාර ත්‍රිල් එකක් එනවා.“ පාතාලයේ ගෝඩ් ෆාදර් වන්නට තමන්ට පාර කැපුවේ මාධ්‍ය බව ඔහු පවසන්නේ ඒ ආකාරයටය.


“කෝටි 700 දියමන්තිය අරාබියේ ෂේක්වරයෙකුගෙන් හොරකම් කරගෙන ආපු එකක්. මම කොල්ලකෑවේ හොරකම්කරගෙන ආපු දියමන්තිය. වැඩේට සුද්දෙක්ව කුළියට ගත්තු එක ඇත්ත. ඒ සුද්දා යන එන මන් නැතිව ඩුබායි වල කරක් ගහමින් හිටපු එකෙක්.“ කෝටි 700 දියමන්ති කොල්ලය ගැන මධුෂ් කට ඇර තවත් බොහෝ දේවල් කියා ඇත්තේය.


“රිස්ඛාන් තමයි මාව ඩුබායි එක්කරගෙන ගියේ. මගෙත් එක්ක රිස්ඛාන් බිස්නස් කලා. ඩ්‍රොප් මී එක මගේ සල්ලිවලින් රිස්ඛාන් පටන් ගත්තේ. ඒක මගේ බිස්නස් එකක්. මුළු රටේම කුළිරථ ධාවනය මගේ අතට ගන්නයි සැළසුම් කළේ. මුලින්ම වට්ටන්න හැදුවේ පික් මී එක. වැලිසර තමයි හෙඩ් ඔෆිස් එක දැම්මේ. රිස්ඛාන් කිව්වා අගමැතිව ගෙන්නල ඒක ඕපන් කරනව කියල. මම ඇහුවා අගමැති එයිද කියල. අගමැති එනවා කියල එයා කිව්වා.“ අගමැති ගෙන්වාගෙන මධුෂ්ගේ වාහන කුළි ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉකුත් වසරේදී විවෘත කරන්නේ එසේය.
අගමැතිවරයාව එම විවෘත කිරීමට ගෙන්වන්නේ මැදකොළඹ එජාප දේශපාලනඥයෙකි. මධුෂ් ඩුබායි සිට රිස්ඛාන්ට එවන හොරබඩු කන්ටේනර් මුදා ගන්නට මැදිහත් වී ඇත්තේද එකී දේශපාලනඥයාය. වරක් රිස්ඛාන්ට ව්‍යාජ නම් ගම් සහ ලිපිනයන් සහිතව එවන ලද හොර බඩු කන්ටේනරයක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තේය. එම අඩි 40 කන්ටේනරය මුදා ගන්නට විශේෂ කාර්ය බලකායට පවා මේ දේශපාලනඥයා බලපෑම්කර තිබුනේය.

මෙකී දේශපාලනඥයාගේ පැටිකිරිය පවා මේ වන විට මධුෂ් මේ වන විටත් වමාර හමාරය. ඒ විතරක් නෙමෙයි මධුෂ් දකුණේ දේශපාලනඥයන් රැසකට මැතිවරණ වලදී කර ඇති උදව් උපකාර බොහෝය. මුදල් වලින් මෙන්ම සිය ගෝලබාලයින්ගේ හයියද ලබාදුන් දේශපාලනඥයන් ගැන මධුෂ් බොහෝ කරුණු මේ වන විට හෙළිකරමින් සිටී.
“නිරෝෂන් අපේ ඉස්කෝලෙ කොල්ලෙක්. මම නිරෝෂන්ව හදුනනවා.“ එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න ගැන මධුෂ් පවසා ඇත්තේ එසේය. මධුෂ්ගේ පියාගේ මළ ගෙදරට ගිය එකම දේශපාලනඥයා වූයේ නිරෝෂන්ය. මධුෂ්ගේ පියාව පාරේ යන එන අතර තුර දැක ඇති බැවින් මනුෂ්‍යකමට තමා මළ ගෙදරට ගිය බව නිරෝෂන් පවසා තිබුනේය. එහෙත් ඊට එහා ඇති සම්බන්ධකම් මධුෂ් මේ වන විටත් හෙළිකර ඇති බව සදහන්ය.
අපේ රටේ ඇමතිවරු ඩුබායි ගිය විට ඒ ඇමතිවරුන්ගෙන් කිහිප දෙනෙක්ම මධුෂ්ව මුණ ගැසී ඇත්තේය.“ඒ අයගේ හිත පිරෙන්න මම කල කී දෑ තියෙනව“ මධුෂ් එසේ පවසා ඇත්තේ දේශපාලනඥයන් රැසකගේ නම් ලැයිස්තුවක්ද එළියට දමමිනි.
“මට ආයුධ ලැබුනේ —එකෙන්.“ අකුරු තුනක ආරක්ෂක අංශයක නමක් සදහන් කරමින් මධුෂ් දැවැන්ත හෙළිදරව්වක් කර ඇත්තේ රහස් පොලිස් නිලධාරීණ්ද පුදුමයෙන් පුදුමයට පත්කරමිනි. එත් එක්කම ඔහු දේශපාලනඥයන් කිහිප දෙනෙක්ගේද නම් පවසමින් ඒ අයගෙන්ද තමන්ට ආයුධ ලැබුණු බව සදහන් කර ඇත්තේය.


පසුගිය කාලය පුරාවටම මධුෂ් පස්සේ පන්නන්නේ තමන්ට ආයුධ ලබාදුන් බව කියන ආරක්ෂක අංශය සාමාජිකයන්ය. මධුෂ්ගේ ගෝලබාලයින් රැසක්ම පසුගිය කාලයේ වෙඩි කා මිය ගියේද එම ආරක්ෂක අංශයේ වෙඩි පහරවල් වලිනි.
“කළුතර ෆිෂන් බස් එකට ගැහුවේ අංගොඩ ලොක්කා. මම සයිඩ් සපෝට් එකක් විතරයි දුන්නේ. ලොක්කට තමයි සමයං එක්ක ඇරියස් එකක් තිබ්බේ.“ කළුතර බන්ධනාගාර බස් රථයට පහරදීම ගැන මධුෂ් කියන්නේ එවන් කථාවකි.


“රංගජීවට ගැහුවේ ලාලිතව මරපු නිසයි“ මධුෂ් පවසන ආකාරයට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීවට පිළියන්දලදී වෙඩි තැබීමට මුල්වූ වස්තු බීඡය වන්නේ එයයි. ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ලාලිත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ වැටලීමකදී රංගජීවගේ වෙඩි පහරකින් මරුමුවට පත්වන්නේ 2014 වසාරේදී අතුරුගිරිය නගරයේදීය.


මෙයට පෙර කියැවුනේ වැලිකඩ බන්ධනාගාරයේදී 2012 වසරේ සිදුවුණු සිරකරුවන් ඝාතනයේදී කළු තුෂාර නැමැති පාතාල අපරාධකරු මිය යාමට පළි ගැනීමකට රංගජීවට වෙඩි තැබූ බවය. මධුෂ් එය පිළිගන්නේම නැත. මධුෂ් ඩුබායි පොලිසියට හසුවන විට ජීවත්වූයේ කළු තුෂාරගේ බිරිද සිය අනියම් බිරිද ලෙස තබාගෙනය. උපන්දින සාදය පවත්වන ලද්දේ මධුෂ්ට දාව ඇයට උපන් දියණියගේ පළමු උපන් දිනයයි. රංගජීවට වෙඩි තැබීම ලාලිතගේ පිටින් දමන්නේ කළු තුෂාරගේ බිරිදගේ කීමට රංගජීවට වෙඩි තැබූ බව පැවසුවොත් සිය අනියම් බිරිදද කොටුවන නිසා වන්නට පුළුවන.
“මට මගේ දරුවෝ දෙන්නව ගෙනත් දෙන්න.“ මධුෂ් ඒ අතර එවන් ඉල්ලීමක්ද කර ඇත්තේය. වරක් දෙවරක්ම ඔහු ඒ ඉල්ලීම කරමින් සිර මැදිරියේ බිත්තියේ සිය හිස ගසා ගනිමින් දරුදුකින් වේදනා විදින බවක්ද පෙන්වීමට උත්සහ දරා ඇත්තේය. දරුවන් දෙදෙනෙක් ගැන ඔහු පවසන්නේ සිය විවාහක බිරිදගේ දරුවාද සිටින්නේ ඩුබායි හී වන බැවිනි.


“එයා මගෙත් එක්ක හිරේ හිටියා. ඩුබායි පොලිසියෙන් මාව බේරගන්න ෆුල් ගේමක් එයා දුන්නා.“ මධුෂ් එසේ පවසා ඇත්තේ නීතීඥයෙකුගේ නමක් පවසමිණි.
“මම එයාව මේ වැඩේට සම්බන්ධකර ගත්තේ නිකම් නෙමෙයි. ලොකු ගානක් දීලයි. “ යැයිද මධුෂ් පවසා ඇත්තේ නීතීඥයා ගැන දිග කථාවක්ද එලියට දමමිනි.
“අද මම මේ තැනට පත්වෙලා ඉන්නේ ඩී.අයි.ජී.අනුර සේනානායක නිසයි. මගේ මල්ලිව සුදු වෑන් එකෙන් උත්සන් ගිහින් වෙඩි තියල මැරුවා. මහින්ද ජනාධිපතිවරයාව මරන්න ඉන්නව කියල බොරු නඩුවක් පැටලෙව්වා. මගේ ජීවිතේ වෙනස් වුනේ ඒ දේවල් වලින්.“


මධුෂ් තවත් බොහෝ දේවල් වමාරති. මධුෂ්ගේ සෑම කථාවක්ම පිටුපස සිටින චරිත බවට පත්ව සිටින්නේ දේශපාලනඥයන් සහ පොලිසියේ උදවියය. මධුෂ් තමන්ට අයත් වත්කම් ගැන පවා බොහෝ දේවල් හෙළිකර හමාරය. ඒ සියළු වත්කම් වැඩි කල් යන්නට මත්තෙන් රහස් පොලිසිය විසින් සොයා ගෙන රටට හෙළිකරනු ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී