විශේෂාංග

Share now!

අන්තර්ජාල අපරාධ , හා අසත්‍ය ප්‍රචාර මැඩලීමට අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ සහ දැනුම චීනයෙන් ලබාගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල ප්‍රකාශය මේ වනවිට රට තුල මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවා දැඩි ලෙස කතා බහට ලක්වෙමින් ඇත.

චීනයෙන් මෙලෙස තාක්ෂණික සහය ලබාගැනීම පිළිබඳව අමෙරිකානු රජය ද සිය රාජ්‍යතාන්ත්‍රික විරෝධය පසුගියදා මෙරට රජය වෙත දක්වා තිබිණ.

ඇත්තෙන්ම ශ්‍රී ලංකාව චීනයෙන් ගැනීමට සැලසුම් කර ඇත්තේ කුමනාකාරයේ තාක්ෂණික සහයක්ද ? අන්තරජාලය පාලනය කිරීමට චීනය සතුව ඇති නවීන තාක්‍ෂණය කෙබඳුද ? මේ මොහොතේ මෙම කරුණු පිළිබඳව සොයා බැලීම වැදගත්ය .

අන්තරජාලය , සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන් අත් හිටුවීම මිස එය පාලනය කිරීමක් වාරණය කිරීමක් පිළිබඳව ශ්‍රී ලංකාවේ අ පට අත්දැකීම් නැත . නමුත් අන්තර්ජාලය තුළ කෙනෙකු හැසිරෙන ආකාරය විශ්ලේෂණය කිරීම , චරිතාංග, විශ්වාසනීයත්වය සහ සමාජීය පිළිගැනීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කර ලකුණු ලබා දීමේ ක්‍රම මෙන්ම තම රට තුල සමජා ජලා පරිහරණය කිරීමේදී අදාල පුද්ගලභාවයන් සෙවීමේ ක්‍රමවේදද . ලෝකයට ආගන්තුක නැත . විශේෂයෙන්ම චීනයට ආගන්තුක නැත.
.

චීනය පමණක් නොව ඇමරිකාව, එංගලන්තය හා රුසියාවද මෙම අන්තර්ජාල වාරණය උදෙසා මේ වනවිට විවිද වැඩසටහන් ක්‍රියාත්මක කරනු දැකිය හැකිය. ඇමරිකාව හා එංගලන්තය විසින් මේ වන විට ඔවුන්ගේම ෆයර් වෝල් firewall එකක් හෙවත් ආරක්ෂක ආවරණයක් මේ සදහා නිර්මාණය කරමින් සිටින අතර ඒ හරහා අනවශ්‍ය වෙබ් අඩවි වාරණය කිරීමට ඉන් හැකියාව ලැබේ ..

මෙම ක්‍රමවේදය ගොඩනැගීම චීනය සැලසුම් සකසුයේ මිට වසර කිහිපයකට පෙර සිටය . ඒ අනුව බටහිර ලෝකයේ පුවත් වෙබ් අඩවි, ගූගල්, ෆේස්බුක්, යූ ටියුබ් සහ ට්විටර් ඇතුළු සමාජ ජාල රැසක් දැනටමත් චීනය තුළ අවහිර කර ඇත.එසෙත නැතහොත් මන්දගාමී කර ඇත.

චීනයේ Great Fire Wall (GFW) යනු අන්තර්ජාලය නියාමනය කිරීම සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ක්රි යාත්මක කරන ලද නීතිමය ක්රි යාමාර්ග සහ තාක්ෂණයන් වේ. අන්තර්ජාලය පිලිබඳව චීනයේ ප්‍රතිපත්තිය වන්නේ “අන්තර්ජාල ස්වෛරීභාවය” යි . ඒ අනුව එය තම රට විසින් පාලනය කළ යුතු බව චීනයේ අදහසවී ඇත.

“Great Firewall” (ග්රේීට් ෆයර් වෝල්) මෘදුකාංගය හරහා තෝරාගත් වෙබ් අඩවි අවහිර කිරීම සිදු වේ. නමුත් බිලියන 1.4 කට ආසන්න ජනගහනයක් ඇති චීනයේම නිෂ්පාදන වන WeChat (වි චැට්) සහ QQ සමාජ ජාල විශාල වශයෙන් භාවිතය කරයි නමුත් චීනය එම පරිශීලකයන් පවා වෙන වෙනම නිරීක්ෂණය කර ඔවුන්ගේ හැසිරීමට ලකුණු ලබා දෙයි.

එමෙන්ම 2020 වසර වන විට ‘සයිබර්’ යුදමය තත්වයකට (cyber warfare) මුහුණ දිය හැකි මට්ටමින් සිය සන්නද්ධ හමුදා නවීකරණය කිරීමේ පස් අවුරුදු සැලැස්මක් චීනය විසින් ප්රුකාශයට පත් කරනු ලැබුවේද මිට වසර කිහිපයකට ඉහතදීය.

2018 වසර වන විට චීනයේ අන්තර්ජාල පරිභෝජනය කරන සමස්ත පිරිස මිලියන 772 විය. අන්තර්ජාලය තුලින් ලෝකය හා සම්බන්දතා ගොඩනගා ගැනීම ආර්තික වශයෙන් වැදගත් බව චීනය පිළිගත්තද බටහිර මතවාදයන් තම රටට ඇතුලු වීමෙන් සිදුවන හානිය ඊට වඩා වැඩි බව චීන රජයේ අදහස කළේය. චීනයේ සෑම අන්තර්ජාල සැපයුම්කරුවෙක් ම එරට කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය හරහා බලපත්‍ර ලබා ගත යුතු අතර ඒ හරහා ඔවුන් ව පාලනය කරනු ලැබේ. ඒ අනුව එහි සියලු අන්තර්ගතයන් චීන බල අදිකාරියට මෙහයවීමට බලය ඇත.

එසේම මෙම පාලනය හරහා චීනයේ ව්‍යාපාරික කටයුතු වලට බාධාවක් නොවීම පිණිස ඔවුන් අලි බාබා වැනි දැවැන්ත සමාජ මාධ්‍ය ගොඩනගා ඇත. අද ලොව දැවැන්තම අන්තර්ජාල වෙළඳාම ඇත්තේ චීනයේ අලි බාබා සතුවය.

චීනය තම අන්තර්ජාල පාලනය ක්‍රියාත්මක කරන තාක්ෂණික උපක්‍රම කිහිපයාක් පහත දැක්වේ.

1. URL filtering – වෙබ් දත්ත ගබඩාව තුළ ඇති වෙබ් අඩවි ලැයිස්තුව ෆිල්ටර් කිරීම මගින් ඇතුලු වීම තහනම් කළ වෙබ් අඩවි නම් කරනු ලැබේ.
2. DNS Poisoning- අන්තර්ජාලය පාවිච්චි කරන්නා වෙබ් අඩවියට පිවිසීමේදී DNS දත්ත ගබඩාව හරහා IP ලිපිනය ඉල්ලනු ලැබේ. එහිදී දූෂිත ලිපිනයන් සහිත අන්තර්ජාල සේවාවන්ට ඇතුළු වීම අවහිර කරනු ලැබේ.
3. Self-Censorship – නීති හා රෙගුලාසි අනුව වෙබ් අඩවි වල ඇති අන්තර්ගතයන් සදහා අදාල සමාගම වගකිව යුතු අතර ඒවා උල්ලංඝනය කරනු ලබන සමාගම් සදහා අදික ලෙස දඩ මුදල් අයකිරීමට චීන රජය කටයුතු කරනු ලබයි. එම නිසාම බොහෝ සමාගම් එම සමාගමේ වෙබ් අඩවි තුළ තහනම් මාතෘකා කතා නොකෙරන බව තහවුරු කර ගැනීම සදහා වෙනම කණ්ඩායමක් පවා පත් කරගෙන සිටියි.
4 . Manual enforcement- චීනය පුරා දහස් ගණනක් ශ්රසමිකයන් පිරිසක් චීනයට නොගැලපෙන ආකරයේ අන්තර්ගතයන් සහිත වෙබ් අඩවි වාරණය උදෙසා යොදවා සිටි. මෙම වාරණ කම්කරුවන් ව රජය විසින් යොදවා ඇති අතර ඔවුන් අන්තර්ගතයන් අදීකෂණය ලිරීම, උල්ලංඝනය කිරීම් පිළිබදව දැනුවත් කීරීම ආදිය සිදු කරනු ලබයි. එමෙන්ම සමහර වෙබ් අඩවි මෙම වාරණ කම්කරුවන්ට ඔවුන් ගේ වෙබ් අඩවි වල අන්තර්ගතයන් වෙනස් කිරීමට පවාපහසුකම් ලබා දී තිබේ.
4. Blocking VPNs – Virtual Private Network (VPNs) චීනය VPNs ජාල හදුනාගෙන ඒවා අවහිර කිරීමට කටයුතු කරමින් සිටියි.

කෙසේ වෙතත් චීනය මෙම අන්තර්ජාල පාලනයන් සකසා ඇත්තේ එම රටට ගැලපෙන අයුරිනි. එම ක්‍රමවේද ගෙඩි පිටින් ක්‍රියාත්මක කිරීම හරහා මෙරටට සිදුවන්නේ අවැඩකි . එබැවින් චීනයේ තාක්ෂණික සහය ලබාගත්තද මෙම වාරණයන් ශ්‍රී ලංකාවට උචිත ලෙස දියත් කිරීමට අපගේ බලධාරීන් වග බලා ගටහ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment