නවතම පුවත්

ගුවන් සංග්‍රාමික බලසේනාව “රණකාමීන්ගේ පාගමන”

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රි ලංකා යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බලසේනාවට සහ 53 වන සේනාංකයට අවුරුදු 25 ක් පිරිම නිමිත්තෙන් කිලෝමීටර් 310 ක (රාණකාමීන්ගේ පාගමන) දිගු පාගමනක ආරම්භක උත්සවය ඊයේ (29) උදෑසන මැදවච්චිය නගරයෙන් ආරම්භ වී දින 11 කින් පසු කොළඹට ළඟාවීමට නියමිතව ඇත.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රදානත්වයෙන් මැදවච්චිය නගරයෙන් ආරම්භ කෙරුණු “පාගමන” සඳහා, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරණ, ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති කර්නල් නිශ්ෂංක ඊරියාගම සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ජාතික කොඩිය සහ ඒකක ධජය භාරදීමෙන් අනතුරුව ගමන් කිරිම ඇරඹීය.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සිය උණුසුම් සුභ පැතුම් එක්කරමින් එම අභියෝගය භාර ගනිමින් ඔවුන් සමඟ අනුරාධපුරය දෙසට ගමන් කළහ.

“මෙම පාගමන ශ්‍රී ලාංකික ජනතාවගේ සුභසිද්ධිය උදෙසා විශේෂ කාර්යභාරයක් සිදු කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ බලකායේ සහ අනෙකුත් විශේෂ පාබල හමුදා ඒකකයන් සමඟ එක්ව සිදු කරනු ලබයි. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුල ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වර්ධනය වීම හේතුවෙන් එම ප්‍රචන්ඩකාරී ක්‍රියාවන්ට මුහුණදීමේ ශක්තිය ශ්‍රී ලංකාව සතුවන බවත් එය මෙම පාගමන තුලින් යලිත් තහවුරු කරනු ලබයි. මීට දස වසරකට පෙර ශ්‍රී ලංකාව තුල තිබූ යුද්ධය නිමා කිරීම තුලින් එම ශක්තිය පිලිබඳ මහජනතාව හට මනා අවබෝධයක් ලබාගත හැක. ශ්‍රී ලංකා ජාතියට තර්ජනයක් වන සෑම අවස්ථාවකදීම මහජනතාව ආරක්‍ෂා කිරීම සඳහා පළමුවෙන් පෙනී සිටිනු ලබන්නේද යුද්ධ හමුදාවයි.” යනුවෙන් රූපවාහිනී නාලිකා ඔස්සේ යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කරනු ලැබිනි.

යුද්ධ හමුදා සාමාජිකයින් මැදවච්චිය දක්වා පැමිණෙන විට පාසල් ශිෂ්‍යයින් විසින් ඔවුන් සාදරයෙන් පිලිගනු ලැබූ අතර ජාතික ධජය අතින් ගෙන ඔවුන්ගේ ගෞරවාචාර යුද්ධ හමුදාව වෙත විදාහාපානු ලැබිනි.

“රණකාමීන්ගේ පාගමන” දිවයිනේ ආරක්ෂාව සඳහා යුද්ධ හමුදාව සෑම විටම කැපවී සිටින බව විදාහාපෑම මෙන්ම  ‘රට රකින ජාතිය’ යුද්ධ හමුදා පාඨය කොටගෙන සියළුම ජාතීන්, ආගම් සහ ජනවර්ගයන් වෙනුවෙන් කටයුතු කරන බව පෙන්වා දෙයි. එසේම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආබාධිත රණවිරුවන් මෙන්ම තුවාල ලැබූ රණවිරුවන් හට ගරු කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවනීය ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමද මෙහි අරමුණ වේ.

“රණකාමීන්ගේ පාගමන” සඳහා යුද්ධ හමුදාවේ සියළු ඒකකයන්හී මෙන්ම ගුවන් සංග්‍රාමික බලසේනා පුහුණු පාසලේ සාමාජිකයින් 729 ක් සහභාගී වන අතර, දින 11 කින් පසුව අනුරාධපුරය, දඹුල්ල, නාවුල, උකුවෙල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, පස්යාල, නිට්ටඹුව, කඩවත සහ බොරැල්ල යන නගරයන් පසුකරමින් කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ලඟාවීමට නියමිතව ඇත.

අකුරණ මුස්ලිම් ජනතාව ඇතුළු ප්‍රදේශවාසීන්, සිසු සිසුවියන්, සිවිල් සංවිධාන කිහිපයක් එක්ව මැදවච්චිය සිට කොළඹ දක්වා ගමන් කරන යුද්ධ හමුදා ඒකකයන් එම ප්‍රදේශයන් වෙතින් ගමන් කරන අවස්ථාවේදී එම සංවත්සර පාගමන සඳහා එක්විය.

“රණකාමින්ගේ පාගමන” දෙමටගොඩට පැමිණි පසු යුද්ධ හමුදාධිපතිතුමන් එම පාගමනට එක්වීමට නියමිතව ඇති අතර නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිත ගුවන් සංග්‍රාමික බලසේනාවට උපහාර පිදිමේ විශේෂ උත්සවය සඳහා ද එතුමා පැමිණීමට නියමිතය.

ගුවන් සංග්‍රාමික බලසේනාව 1994 මැයි මස 01 වන දින (විශ්‍රාමික) බ්‍රිගේඩියර් එච්. එම්. හලංගොඩ ගේ සංකල්පයකට අනුව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය උත්සන්න වී රටේ භෞමික අඛණ්ඩතාව හා ඒකීය භාවයට ප්‍රබල තර්ජනයක් එල්ලවී තිබු මොහොතක ස්ථාපිත කරනු ලැබිණි. එවකට මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීයා ලුතිතන් කර්නල් නිලයේ පසුවිය. එතැන් සිට ගුවන් සංග්‍රාමික බලකායේ භට පිරිස් සිය පාබල මෙහෙයුම්වල සුවිශේෂී කුසලතා භාවිතා කරමින් ඔවුන්ගේ නිරන්තර පුහුණුව, නව උපායමාර්ගික සහ තාක්ෂණික ප්‍රවේශයන් වැඩිදියුණු කරමින් සාමය සඳහා වසර 30 ක දිගු කාලීන යුද්ධය නිමා කිරිමට දායක වූයේ ඔවුන්ගේ අනර්ඝ ජීවිත පූජා කරමින් ඇස් ඉස් මස් දන්දීමෙනි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි