අමෙරිකාන රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ මස අගදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී
ලබන 24 වැනිදා ත් 30 වැනිදා ත් අතර කාලය තුළ ඔහු මෙරටට පැමිණෙනු ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කල ට්විටර් පනිවුඩයක දැක්වේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම දින කිහිපය ඇතුළත ඉන්දියාව, ශ්‍රී ලංකාව, ජපානය සහ කොරියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.
නිදහස් සහ විවෘත ඉන්දීය පැසිෆික් කලාපයක් ඇති කිරීමේ අරමුණ ඇතිව ඔහු මෙම සංචාරයේ නිරතවන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ පණිවුඩයේ දැක්වේ.