නවතම පුවත්

දොස්තර ෂාෆිට එරෙහිව දැනට පැමිණිලි 1003 යි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මහතාට එරෙහිව ඊයේ (17දා) දිනය වනවිට කුරුණෑගල ශික්‍ෂණ රෝහලට, දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසිය ලැබී තිබූ සමස්ත පැමිණිලි ප්‍රමාණය 1,003කි.

ඒ අනුව ඊයේ (17දා) දිනය වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි 839ක් හා දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසිය පැමිණිලි 164 ලැබී තිබිණි.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ඊයේ දිනයේදී පමණක් කුරුණෑගල ශික්‍ෂණ රෝහලට පැමිණිලි 12ක් ලැබී තිබූ බව එම රෝහල් පාලනාධිකාරිය සඳහන් කළේය.

සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක්කළ බවට අදාළ වෛද්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර, පසුගිය මැයි මස 26 වැනිදා සිට ඊයේ (17දා) දිනය තෙක් අඛණ්ඩව දින 23ක් සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මවුවරුන්ගෙන් පැමිණිලි ලැබී තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ද කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී අදාළ පැමිණිලි භාරගනු ලබන බව කුරුණෑගල ශික්‍ෂණ රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්