නවතම පුවත්

පිතිහරඹ පුහුණුකරු ලෙස අවිශ්ක ඕස්ට්‍රේලියාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා පිතිහරඹ පුහුණුකරුවා ලෙස ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා පත්කර තිබේ. ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙස එක්වීමට නියමිතව ඇත්තේ නිවාඩුවක් සඳහා යැයි පවසමින් සිය රට (එංගලන්තය) බලා ගිය පිතිහරඹ පුහුණුකරු ජොන් ලුවිස් මහතා වෙනුවටය.

අවිශ්ක ගුණවර්ධන මහතාව මෙලෙස පිතිහරඹ පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ ඔහු අයර්ලන්ත ‘ඒ‘ කණ්ඩායම පසුගියදා නිමාවූ පැවති එක්දින තරගාවලිය තරග 5-0 ක් ලෙස ජයගැනීමේදී ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා පාදක කරගෙනය. මේ සම්බන්ධයෙන් ඈෂ්ලි ද සිල්වා මහතා පවසා සිටියේ දෙවැනි ටෙස්ට් තරගය ආරම්භයට පෙර අවිශ්ක ගුණවර්ධන මහතා කණ්ඩායම සමග එක්වනු ඇති බවය.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම අද (30දා) මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරතව සිටිනු දැකගත හැකිවිය. මීට පෙර තරගයේදී (බ්‍රිස්බේන්හී ගැබා ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරගය) ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු පමණක් වරින් වර පුහුණුවීම්වලට පැමිණෙනු දැකගත හැකිවූ අතර, ඊයේ පැවති පුහුණුවීම් සඳහා බහුතරයක් ක්‍රීඩකයෝ එක්ව සිටියහ.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටු සාමාජිකයා ලෙස හේමන්ත වික්‍රමරත්න මහතා එක්ව සිටින අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගාවලිය වන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා බ්‍රෙන්ඩන් කුරුප්පු මහතාද, ලෝක කුසලාන තරගාවලිය සඳහා අසන්ත ද මෙල් මහතාද සංචාර තේරීම් කමිටු සාමාජිකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලෙස ඉතිහාසයට එක්වීමට නියමිතය.

මීට පෙර මෙම ක්‍රීඩාංගණයේ තරග නරඹන්නන් සඳහා ආසන පහසුකම් සපයා තිබුණේ 12,000 කට වන අතර, ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගය මූලික කරගනිමින් යටිතල පහසුකම් මෙන්ම ආසන සංඛ්‍යාවද 14,000ක් දක්වා වැඩි කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මේ වනවිට මෙම ටෙස්ට් තරගයේ පළමු දින තුනේ ප්‍රවේශපත්‍ර සියල්ලම විකිණී අවසන්ව ඇති අතර, මෙම තරගය නැරඹීම ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද ඕස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුමට සමගාමීව පෙබරවාරි මස 04 වැනිදා කැන්බරාහී ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්දකුමාර් මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කරන නිදහස් දින සැමරුම සහ රාත්‍රී භෝජන සංග්‍රහයටද ක්‍රීඩා අමාත්‍යවරයා සහභාගි වීමට නියමිතය.
 
මෙම උත්සවය සඳහා ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රභූන් මෙන්ම රටවල් 40ක තානාපතිවරුද, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලයද, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ද ආරාධනා ලැබ සිටින බව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ චන්දන වීරසේන මහතා පැවසීය

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී