නවතම පුවත්

9/11 සිහිකරමින් කාබුල් අමෙරිකානු තානාපති කාර්‍යාලය අසල පිපිරුමක්

අසංක

අසංක

අමෙරිකාවේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනයට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ 9/11 ප්‍රහරයට අදට 18 වසරක් සපිරීම හේතුකොටගෙන ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්‍යාලය සමීපයේ රොකට් පිපිරුමක් සිදුව තිබේ.

අද අලුයම සිදුවූ පිපිරුමෙන් කිසිදු ජීවිත හනියක් සිදුවී නොමැති බව ඒ අසල රාජකාරියේ නිරත නේටෝ හමුදා තහවුරු කර ඇත.

මධ්‍යම රාත්‍රියෙන් ටික වේලාවකට පසු මධ්‍යම කාබුල් නගරය පුරා දුමාරයක් පැතිර ගිය අතර සයිරන් හඬ නාද වී ටික වේලාවකින් රොකට් පිපිරුමක් සිදුවූ බවට තානාපති කාර්‍යාලයේ සේවකයන්ට දැනුම් දී තිබුණි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඇෆ්ගන් තලෙයිබාන් ත්‍රස්ත නායකයන් අතර පසුගියදා සාම සාකච්ඡාවක් පැවැත්වීමට තිබියදී අවසාන මොහොතේ එය අවලංගු කර තිබුණේ ට්‍රම්ප් විසිනි.

මෙහිදී කෝපයට පත් තලෙයිබාන් නායකයන් ප්‍රකාශ කර තිබුණේ "මේ ගැටුම විසඳගන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් ජය ලබන තුරු යුද්ධ කිරීමෙන්. අනික සාකච්ඡා මගින්. ඔහු දෙවැනි එක අත් හැරියා නම් අප පළමු ක්‍රමය තෝරාගන්නවා" යනුවෙනි
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි