නවතම පුවත්

අකිල දුර ගමනක් යන්න රජයේ මුදල් කෝටි 16 වියදම් කරලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අකිල දුර ගමනක් යන්න රජයේ මුදල් කෝටි 16 වියදම් කරපු හැටි ලේකම් හෙළිකරයි

වර්ථමාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් තමාට දුර ගමනක්
යාමට අවශ්‍ය බව කියමින් පාසල් පෙලපොත් කෝටි 04 ක් සදහා පිටු 04 කින් යුත් අමාත්‍යවරයාගේ පණිවිඩය උදෙසා අමතර වියදම් ලෙස රුපියල් කෝටි 16 වියදම් වූ බව ඊයේ ජනාධිපති විමර්ශණ කොමිෂන් සභාවේ දී ඊයේ (24දා) හෙළිවිය.
 
ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කොමිෂන් සභාව රැුස්වූ අතර එහි දී අධ්‍යාපන අමාත්‍යංශය පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇතැයි සැලකෙත වංචා දුෂණ සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති පැමිණිල්ල පිළිබදව වැඩිදුරටත් විභාගය සිදුවූ අතර එහි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් සහ වත්මන් අධ්‍යක්ෂ අධ්‍යාපන සැලසුම් අයි . එම් .කේ .බී ඉලංගසිංහ මහතා සක්ෂි ලබාදුන්හ.කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඉලංගසිංහ මහතා ප‍්‍රකාශ කර සිටියේ එම අවස්ථාවේ දී පෙළපොත් කෝටි 4 ක් මුද්‍රණය කළ බවත් අධ්‍යපන ඇමතිවරයාගේ ඡුායාරුපය සහ පණිවුඩය සහිත පිටු 4 සදහා එක් පිටුවකට රුපියල බැගින් වැයවූ බවත්ය .
 
 එම කොමිෂන් සභාව හමුවේ සක්ෂි ලබාදෙමින් ඉලංගසිංහ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ , තමාට දිගු ගමනක් යාමට අවශ්‍ය බැවින් සහ ඉදිරි බලාපොරොත්තු සලකා තමාගේ වර්ණ ඡුායාරූපයක් සහ අත්සන සහිත ලිපියක් පෙළපොත් වලට ඇතුළත් කරන ලෙසට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා තමාගෙන් කෙලින්ම ඉල්ලා සිටිය බවයි.
 
 ඒ පිළිබදව තවදුරටත් අදහස් දක්වමින් ඉලංගසිංහ මහතා ප‍්‍රකාශ කර සිටියේ , අධ්‍යාපන ඇමතිවරයාගේ වර්ණ ඡුායාරූපය සහ අත්සන සහිත ලිපියක් පෙළපොත් වලට ඇතුළත් කීරීම නීතියට සහ ප‍්‍රතිපත්ති වලට පටහැනි බැවින් ඒ පිළිබදව තවදුරටත් සිතා බලන ලෙස සහ සොයා බලා කටයුතු කරන ලෙස තමන් අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිය බවත්ය . එසේ වුව ද අධ්‍යාපන ඇමතිවරයා තදින්ම ඉල්ලා සිටිය බැවින් තමාගේ නිදහස සහ රාජකාරියේ ආරක්ෂාව පිළිබ`දව සලකා ඇමතිවරයාගේ ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා අවශ්‍ය නියෝග ලබාගෙන අධ්‍යාපන ඇමතිවරයාගේ ඡුායාරූපය සහ අත්සන සහිත ලිපිය පෙළපොත් වලට ඇතුළත් කිරීමට පියවර ගත් බව වැඩිදුරටත් පැවසීය.
 
 අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ ජුලි 01 වන දිනත් කොමිෂන් සභාව හමුවේ ජුලි 08 වන දිනත් පෙනී සිටින ලෙස කොමිෂන් සභාව නියෝග කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි