නවතම පුවත්

පූජිත්-හේමසිරිට ඇප

අසංක

අසංක

අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.

එක් සැකකරුවකු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නෙගැනීම ඇතුළු චෝදනා යටතේ රහස් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින තෙක් බන්ධනාගාරගත කර තිබුණි.

සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සිය විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කළාය.

මෙම සැකරුවන්ට මිනීමැරීමේ චෝදනා යටතේ රහස් පොලීසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ත ලංකා ජයරත්න මෙනවිය ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් සැකකරුවන්ට එරෙහිව පොලීසිය එල්ල කර තිබෙන මිනීමැරුම් චෝදනා තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැති බව ප්‍රකාශ කළාය.

ඒ අනුව සැකකරුවන්ට එරෙහිව මිනීමැරීම සහ නොසැළකිල්ලෙන් බරපතළ දේපළ හානි සිදුකිරීම යන චෝදනා පවත්වාගෙන යාමට සාධාරණ කරුණු පොලීසිය ඉදිරිපත් කර නොමැති බව තීරණය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් වහාම ඇප මත මුදාහරින ලෙස නියෝග කළාය.

සැකකරුවන්ට සුව වූ වහාම රහස් පොලීසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුවන් මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන හෙයින් අදාළ රෝහල්වලට ගොස් ඇප අත්සන් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කළාය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි