නවතම පුවත්

පිටසක්වළ ජීවී අභිරහස විසඳන්න දඩයක්කරුවෝ Area-51 වෙත

අසංක

අසංක

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ඇමර්ගෝසා නිම්නයේ පිහිටා ඇති ‘ඒරියා 51’ ලෙස හැඳින්වෙන ප්‍රදේශය ලෝකයේම ප්‍රකටව ඇත්තේ අධි ආරක්‍ෂිත සහ බාහිර ලෝකයෙන් වෙන්කොට සඟවා තැබූ අභිරහස් ප්‍රදේශයක් ලෙසයි. විශේෂයෙන්ම එම ප්‍රදේශයේ පිටසක්වල ජීවින් පිළිබඳව පර්යේෂණ සිදුකරන පර්යේෂණාගාර හෝ ඔවුන් සමඟ සබඳතා පවත්වන බවටත් ලෝකය පුරා මතයක් පවතී.

ඇමරිකානු ගුවන් හමුදාව පාලනය කරන මෙම ප්‍රදේශයට සාමාන්‍ය කිසිවකුටත් ඇතුළු වීමට හැකියාවක් නැත. නමුත් මේ පුවතෙන් අප සඳහන් කරන්නේ එම අධි ආරක්‍ෂිත කලාපයට ඇතුළු එන්නට සැරසෙන පිරිසක් පිළිබඳ කතාවක්.

මේ පිරිස ඒකරාශී වෙන්නේ මුහුණු පොත හරහා සිදු කරන හමුවීමක ආකාරයටයි. ඔවුන් තමන්ව හඳුන්වා දෙන්නේ Alien Hunters නැතිනම් පිටසක්වල ජීවින් දඩයම් කරන්නන් ලෙසයි. ඔවුන්ගේ තේමාව වී ඇත්තේ “අප සියලු දෙනා නැවත්වීමට ඔවුන්ට නොහැක” යන්නයි. ඒරියා 51 හි සඟවා ඇති රහස් අනාවරණය කරගැනීම මෙම පිරිසේ මූලික අරමුණ බවට පත්ව තිබේ. මේ වනවිටත් 1,65,000ක පමණ පිරිසක් මීට සහභාගී වන බවට සනාථ කර ඇති අතර ලක්ෂ 2ක පිරිසක් මේ සඳහා සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටින බව පැවසේ.

එළඹෙන සැප්තැම්බර් මස 20 වැනිදා මෙම පිරිස නෙවාඩා හි ඇමර්ගෝසා නිම්නයේදී හමු වීමට කථිකා කරගෙන සිටින බව සඳහන් කරන අතර Naruto Uzumaki කාටුන් චරිතය අනුගමනය කරමින් තමන්ට එරෙහිව පැමිණෙන උණ්ඩවලට මුහුණ දීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් පවසා සිටී.

කෙසේ වුවත් ඇතැම් පිරිස් පවසන්නේ මෙය සැබෑවට සිදු කිරීමට යන ක්‍රියාවක් නොව ඇමරිකානු රජයේ ක්‍රියාපිළිවෙත් හාස්‍යයට ලක් කිරීමට කිසියම් පිරිසක් දරණා උත්සාහයක් බවයි. විශේෂයෙන්ම එම ප්‍රදේශය මූලික කරගෙන ඇමරිකානු හමුදාව සහ බුද්ධි මණ්ඩල එක්ව සිදු කරන රහසිගත පර්යේෂණ සහ අත්හදාබැලීම් පිළිබඳව විවිධ කටකතා පසුගිය දශක කිහිපයේම ලෝකය පුරා කතාබහට ලක්විය.

2013 වසරේදී ඇමරිකානු රජය විසින් මෙම ප්‍රදේශය රහසිගත මධ්‍යස්ථානයක් බවට නිල වශයෙන් ප්‍රකාශයක්ද සිදු කරන ලදී.

(Original Caption) Rachel, Nevada: Area 51 research center. (Photo by mark peterson/Corbis via Getty Images)
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි