නවතම පුවත්

පාවුණු රුපියලේ බර වැඩිවෙයි

අසංක

අසංක

අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය අද දිනයේ දී යළිත් වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහබැංකු වාර්තා පවසයි.

දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 177.41 ක් ලෙසින් සටහන් විය.

විකුණුම් මිල සටහන් වූයේ රු. 181.28 ක් ලෙසිනි.

මේ අනුව පසුගිය දෙසැම්බර් 12 වනදායින් පසුව ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අඩුම විකුණුම් අගය මෙලෙස අද දිනයේ වාර්තා වී ඇත.

දෙසැම්බර් 12 දින ඩොලරයේ විකුණුම් මිල සටහන් වී තිබුණේ රු. 181.06 ක් ලෙසයි.

මේ අතර මහ බැංකු විනිමය අනුපාත සටහනට අනුව ඩොලරයේ එතැන් අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) 2018 දෙසැම්බර් 18 වනදායින් පසුව මුල්වරට අද දින රු. 180 න් පහළට පැමිණ තිබේ.

ඒ අනුව අද දින ඩොලරයක නිරූපිත එතැන් අනුපාතිකය සටහන් වූයේ රු. 179.8821 ක් ලෙසයි.

පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්