නවතම පුවත්

දුෂ්කරතා රැසක් මැද ජීවත් වූ සිසුවාගේ සිහිනය ජනපති සැබෑ කරයි (PHOTOS)

Roshan

Roshan

2018 අගෝස්තු 02 වනදා “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරුණු පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ක්‍රිකට් ක්‍රිඩාංගණය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවේ දී විද්‍යාලයේ 09 වසරේ ඉගෙනුම ලබන ශාලික ලක්ෂාන් සිසුවා ජනාධිපතිවරයා ඉදිරියේ කතාවක් ඉදිරිපත් කළේය.

ඉතා චතුර ලෙස කතාව ඉදිරිපත් කළ සිසුවා තමා ළගට කැඳවාගත් ජනාධිපතිවරයා ඔහුගේ දක්ෂතා අගය කරමින් අඩු පාඩු පිළිබඳව ද විමසා බැලීය.

අනතුරුව සිසුවාගේ ඉල්ලීම පරිදි 2018 අගෝස්තු 04 වනදා පොළොන්නරුව, පරාක්‍රම සමුද්‍රය අසල, ගනන්ගොල්ල නව නගරයේ පිහිටි ඔහුගේ නිවසට ගොඩවැදුණු ජනාධිපතිවරයා ධීවර කර්මාන්තයේ නිරතව දරුවන් තිදෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් දුෂ්කරතා රැසක් මැද ජීවිකාව ගෙන යන කේ.ආර්. ජයතිලක මහතා ඇතුළු එම පවුලේ අසීරුතාවයන් සියැසින් දැක බලා ගත් අතර අඩක් ඉදිකර තිබෙන ඔවුන්ගේ නිවස කඩිනමින් සම්පූර්ණ කර දෙන බවට ද සහතික විය.

ඒ අනුව පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදුකෙරෙනු තවත් ප්‍රජා සත්කාරයක් ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශාලික ලක්ෂාන් සිසුවාගේ නිවස කඩිනමින් අංග සම්පූර්ණ නිවසක් ලෙස ඉදිකෙරුණු අතර, එම නව නිවස අද පස්වරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

ශාලික ලක්ෂාන් සිසුවාගේ සිහිනය සැබෑ වූ මෙම සුබ අවස්ථාවට ආශිර්වාද පළ කිරීමට පොළොන්නරුව තමන්කඩුව දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක ශ්‍රී විද්‍යාලෝක විහාරාධිපති දෙමුන්නෑවේ ශ්‍රී උපරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ.

සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නිවස විවෘත කළ ජනාධිපතිවරයා පවුලේ සාමාජිකයන් සමග සුහද කථා බහක නිරත වූ අතර, සිසුවාගේ අනාගත සිහින පිළිබඳව ද එහි දී විමසා බැලු ජනාධිපතිවරයා ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සහය ලබා දෙන බවට ද පොරොන්දු විය.

ජනාධිපතිවරයාගේ පැමිණිම සැලවීමෙන් ප්‍රදේශවාසින් විශාල පිරිසක් ද එම නිවස අසලට රැස්ව සිටී අතර නිහතමානී රාජ්‍ය නායකයෙකු ලෙස ඔවුන්ගේ ද තොරතුරු විමසීමට අමතක නොකළ ජනාධිපතිවරයා එම ජනතාව ඉදිරිපත් කළ ඉල්ලීමි කිහිපයක් පිළිබඳව ද අවධානය යොමු කළේය.

පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රි ප්‍රභාත් අභයවර්ධන, පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති රවිලාල් විජේවංශ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය සිසුවාගේ නව නිවසක සිහිනය  ජනපති මැදිහත් වීමෙන් සැබෑ වෙයි.
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි