නවතම පුවත්

රිෂාද් බලෙන් ඉඩම් අක්කර 3000ක් කොල්ලකෑ හැටි FCIDයට හෙළිවෙයි

අසංක

අසංක

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 3000කට වැඩි ප්‍රමාණයක් අත්පත් කරගත්තේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු රැසක් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත අනාවරණය වී තිබේ.

ඒ හිටපු ඇමති රිෂාද් බදියුදීන් විසින් අත්තනෝමතික ලෙස ඉඩම් අත්පත් කරගෙන ඇතැයි ලද පැමිණිල්ලක් පිළිබඳ විමර්ශන කරන අතරතුරදීය.

රිෂාද් බදියුදීන් හා ඔහුගේ පවුලේ ඥාතීන් විසින් මෙම ඉඩම් කරගෙන ඇති ආකාරය ගැන තොරතුරු හා සාක්ෂි විශාල ප්‍රමාණයක් හෙළි කරගෙන ඇතැයි FCID ආරංචි මාර්ග පවසයි.

ඉඩම් හිමිකරුවන් රවටා ගැනීම, මැර බලයෙන් ඉඩම් අත්පත් කරගැනීම, ඥාතීන්ගේ නම්වලින් මිලදී ගැනීම, රජයට පවරා ගන්නා බවට අසත්‍ය පවසා මිනිසුන් ඉවත් කර ඉඩම් ගැනීම ආදි ක්‍රම අනුගමනය කරමින් රිෂාද් බදියුදීන් ඇතුළු පවුලේ අයවිසින් ඉඩම් අත්පත් කරගත් බවට මෙහිදී හෙළිවී තිබේ. මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය සිදුකෙරෙමින් පවතී.

එලෙස බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් මේ වනවිට හඳුනාගනිමින් සිටින බව වාර්තා වේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි