දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී පැය 24ක කාලයක් තුළ 279 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
2019.07.14 දින සිට අද උදෑසන 6 තෙක් ගතවූ පැය 24ක කාලය තුළ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව 2019.07.05 වැනිදා සිට මෙම මෙහෙයුම ආරම්භ වූ අතර, ගෙවී ගිය දින 10 තුළ අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන්ගේ මුළු සංඛ්‍යාව 3154ක් බව පොලිස් මූලස්ථානය පවසයි.