කාන්තාවන්ට විමුක්තිය සැලසුන පින්බර බිනර පෝය

ශාසනික වශයෙන් අද දිනය වැදගත් වන්නේ කාන්තාවන් සඳහා ශාසනික දොරගුළු විවර වී කාන්තාවන්ට නියම විමුක්තිය සැලසුණු දිනයක් වශයෙනුයි. එනම් භික්‍ෂුණී ශාසනයෙහි ආරම්භක දිනය පමණක් නොව සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් දිනය වන්නේ ද බිනරපුර පොහෝ දිනයයි

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ලබන 15 ඇරඹෙයි

මේ වන විට වසා දමා තිබෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 15දා නැවතත් විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

හිටපු ජනපති හෙට තායිලන්තයට පිටත්ව යයි

මේ වන විට සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරයක් සදහා හෙට (11දා) තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිත බව

නිරිත දිග මෝසම සක්‍රීය වෙයි

නිරිත දිග මෝසම් තත්ත්වයේ සක්‍රීයවීමක් අද (01) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත්) වැසි තත්ත්වයේ වැඩි වීමක් හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍ර දේශවලත් බස්නාහිර හා දකුණු පළාත්වලත් සුළගේ වෙිගය වැඩිවීමක් බලාපොරොත්තු වන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් ගන්න සූදානම්

මේ වන විට දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1 ක