ජනපති සටනට ‌පොලිස් වියදම මිලියන 666ක්

ජනාධිපතිවරණය සදහා පොලීසියේ වියදම පමණක් රුපියල් මිලියන 666.2ක් බව ගණන් බලා තිබේ. එම මුදලින් රුපියල් මිලියන 368.5ක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලැබී ඇත.

දේශපාලන ආධාරකරුවන් 11ක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අද වනවිට දේශපාලන ආධාරකරුවන් 11 දෙනකු පොලිස් අත්අඩංගුවට ‌ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයාගේ කිලෝ 15ක් බර බෝම්බ 2ක් හමුවෙයි

සේරුනුවර ප්‍රදේශයේදී යුද හමුදාව මගින් පසුගියදා අත්අඩංගුවට ගත් එල්ටීටීඊ හිටපු සාමාජිකයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී යාපනය කොන්ඩාවිල්, වරණි ප්‍රදේශයේ වළදමා තිබූ කිලෝ 15ක් බර පැති බෝම්බ 2ක් සොයාගෙන තිබේ.

ආණ්ඩුවේ රැකියා දෙනවා කියා ලක්ෂ ගණන් සල්ලි අරන්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා දෙන බව පවසා පුද්ගලයන් ගණනාවකගෙන් රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් වංචා කළ අයකු බදුරලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

“සිංහල බෞද්ධ මාතෲභූමියේ ශාසනය සුරකිනවා” – සජිත්

සිංහල බෞද්ධ මාතෘ භූමියේ සම්බුද්ධ ශාසනය සුරකින්නට සම්බුද්ධ ශාසනයේ චිරසථිතිය උදෙසා හැම විටම අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව නව ප්‍රජාතන්රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හිටපු LTTE සාමාජිකයෙක් ආයුධ තොගයක් එක්ක අත්අඩංගුවට

සේරුනුවර යුධ හමුදා කඳවුර වෙත ලද තොරතුරක් මත හිටපු එල්ටීටීඊ සාමාජිකයකු හා කාන්තාවන් දෙදෙනෙකු සමග අවිආයුධ විශාල තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.