දෙමටගොඩ-කොළඹ අතර සියලුම දුම්රිය නැවතිලා- මගීන් අමාරුවේ

අද පෙරවරුවේ සිට මේ දක්වා පැමිණි සියලුම දුම්රියන් දෙමටගොඩ හා කොළඹ කොටුව අතර සංඥා දෝෂ හේතුවෙන් නතර කර තිබේ.

සදහිරු සෑයට රත්තරන් දුන්නාට ‌රේගු‌ ‌ලොක්කෝ 2‌නෙක් අත්අඩංගුවට ගැනීමට නියෝග

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න වහාම අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියම කළේය.

වසර 20කට පසුව කාන්තාවක් ජනපති අපේක්ෂකත්වයට ඇපමුදල් තියලා

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ‌වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂිකාව ‌‌ලෙස ආචාර්ය අජන්තා පෙරේරා අද ඇප මුදල් තැන්පත් කර තිබේ.

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන යෝජනාව කැබිනෙට්ටුවට – සජිත් පිළ එරෙහි වෙයි

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් අද කැඳවූ හදිසි කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී තිබේ.

රත්මලානේදී පාතාල කල්ලි 2ක් අතර ඝාතන තැතක් හෙළිවේ

රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ දී ටී56 අවි සහ කඩු අතැතිව මුහුණු ආවරණය කරගනිමින් අත්තිඩිය ප්‍රදේශයේ අද සැරිසරමින් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට කිසියම් පිරිසක් උත්සහ දරා තිබේ.

පොලීසියේ 5824කට උසස්වීම් ‌

පොලිස් දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලීනව උසස්වීම් නොලද කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා 5824 දෙනකුට උසස්වීම් ලබාදීමේ කටයුතු අද මධ්‍යම රාත්‍රියේ සිදුකෙරේ.

හමුදා සෙබළු රැගත් වෑන් රථයක් අනතුරක

හමුදා සෙබළුන් රැගත් වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් හබරණ අසලදී එකිනෙක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

මොහොත්තුවාරම දූපතෙන් කෝටියකට ආසන්න බීඩි කොළ අල්ලයි

කල්පිටිය මොහොත්තුවාරම දූපතේදී රුපියල් ලක්ෂ 90ක පමණ බීඩි කොළ තොගයක් සමග පුද්ගලයකු හා ලොරි රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.