පොලිස් ලොක්කෝ 42කට මාරුවීම්

සහකාර පොලිස් පරීක්ෂකවරුන් 05 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් 37 කට සේවයේ අවශ්‍යතාව මත මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

පළාත් සභා ඡන්දය තියන්න ජනපතිට බලයක් නෑ – විනිසුරු තීන්දුව ජනපතිට

‘පළාත් සභා ඡන්ද විමසීමක් පැවැත්විය ‌නොහැකි බව’ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒ්කමතික තීරණය ජනාධිපතිවරයාට දන්වා තිබේ.

සියෝන් ‌දෙවස්ථානයේ ‌බෝම්බකරුගේ හිස ‌ගොඩගනී – යළිත් ‌මෝචරියට

මඩකළපුව කල්ලියන්කාඩු සුසාන භූමියේ භූමදාන කර තිබූ මඩකළපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස සහ සිරුරු කොටස් අද ගොඩගෙන තිබේ.

හමුදාවේ ‌‌දෙන්නෙක් ගිනිඅවි එක්ක දඩයමේ යද්දී අත්අඩංගුවට

ගිනි අවි රැගෙන නීතිවිරෝධී ලෙස දඩයමේ යමින් සිටි හමුදා සෙබළු දෙදෙනකු කුරුණෑගල ගෝවාකොටුව හන්දිය අසලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනකු පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂාවට ලක්කර ඇත. යතුරුපැදිකරු හැද සිටි ජැකට්ටුවෙන් ආවරණය කර රැගෙන යමින් සිට ඇත්තේ ටී56 ගිනි අවියක් සහ සජීව පතොරම් 10ක් සහිත මැගසිනයකි. ප්‍රශ්න කිරීමේදී අනාවරණය…

බෝරා සමුළුව පැවැත්වෙන දිනවල උද්ඝෝෂණ තහනම්

කොළඹදී පැවැත්වෙන බෝරා සමුළුව ඉලක්ක කරගනිමින් උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කර ඇතැයි බුද්ධි අංශ වෙත ලද වාර්තාවක් පදනම් කරගෙන පොලීසිය විසින්

දඩ සහ නීති වලට වඩා වැදගත් යහපත් ආකල්ප සංවර්ධනයයි- ග‌ෝඨාභය රාජපක්ෂ

තම ආණ්ඩුවක් යටතේ මංතීරු නීති උල්ලංගනය කිරීමට ඒරෙහිව දඩ ගැසීමක් ‌නොව ආකල්පපමය ‌වෙනසක් ඇතිකිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා අද ත්‍රිරෝද රථ රියැදුරන් හමුවේ පැවැසීය.