වැ. පොලිස්පති නිර්දේශ නොතකා කොමිසම හිතුමතේ දුන් DIG මාරුවීම් 09ක් අත්හිටුවයි

ජාතික පොලිස් කොමිසම විසින් වැඩ බලන පොලිස්පතිවරයාගේ නිර්දේශ නොතකා හිතුමතේට ලබාදුන් නියෝජ්‍ය පොලිස්පති ස්ථාන මාරුවීම් 09 ක් ක්‍රියාත්මක නොකිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

කෝටි 12ක් එක්ක අතුරුදන් වූ සණස බැංකු කළමනාකාරිනිය අත්අඩංගුවට

පින්නවල සණස බැංකුවේ තිබූ තැන්පතුකරුවන්ගේ රුපියල් කෝටි 12ක් රැගෙන අතුරුදන් වූ එහි කළමනාකාරිනිය අත්අඩංගුවට ගෙන තිබේ.

රිෂාද් අල්ලාගත් මන්නාරමේ ඉඩම් ගැන FCIDය උසාවියට කියයි

රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා මන්නාරමේ ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් මුල්‍ය වංචා විමර්ශන කොමිසම මේ වනවිට මන්නාරම අධිකරණයට කරුණු වාර්තා කරමින් සිටියි.

කුරුණෑගල DIG සහ SP මාරු කිරීමේ සූදානමක්

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ කුරුණෑගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමට ජාතික පොලිස් කොමිසමේ අවධානය යොමුව තිබේ.

පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් ඝාතනය බන්ධනාගාර‍ ලොක්කෙකුගේ කොන්ත්‍රාත්තුවක්

බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිළිණ රුවන් ජයරත්න ඝාතනය කර ඇත්තේ බන්ධනාගාරයේම ඉහළ නිලධාරියකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව බවට ආරංචි මාර්ග පවසයි.